44- පළිඟු දිඟහැරුම ♡

876 127 256
                                    

සතියක් එහෙ බලලා මෙහේ බලනකොට ඉවරයි ...... මාම් පාටියේ වැඩ බාරගත්ත නිසා මට හිසරදයක් තිබුන්නෑ අපේ එවුන්ගෙන්.... අද මේ දහතුන........ ආරුගේ ගෙදර නම් චාරිත්‍ර මුකුත් කරන්නෑ කිරි උතුරවලා අපි එන නිසා කෑම මේසයක් හදනවා විතරලු හෙට උදේ අටයි ගානට කිරි උතුරවන්න තියෙන්නේ දහයයි ගානට පුණ්‍ය කාලේ පටන් ගන්නවා අන්න එතකොට අපි පන්සල් යන්න සෙට් එකම කතා කරගත්තා .....

හෙට පන්සල් ගමන ගැන මනෝ පාරකුත් ගහන් මං ගියේ කුස්සියට .....හැබැයි මට කුස්සියට යන්න හම්බුන්නෑ හැරෙන තැන ඉදන්ම මගේ හිනාව මහ හයියෙන් පිපුරුවා

විශ්වාස කරන්න අර රට ලෝකයක් බිස්නස් වලින් පාලනය කරන මනුස්සයා පිටි දාලා තිබ්බ පේපර් බෑග් එකක් අල්ලන් හිටන් ඉන්නවා පිටිත් බාගෙට නාගෙන මාම් ගාව .... එතකොට මේරි ආන්ටි හිනාව කාගෙන සොෆ්ට් ඩ්‍රින්ක් වගයක් ලෑස්ති කරනවා .... ඔක්කොටම වඩා හින යන්නේ ඩෙකර්ව දැක්කම ඌ කෙලින්ම පාට පාට වෙලා ඇඟ හැමතැනම කලරිං වැටිලද කොහෙද ඌ නත්තල් ගහක් වගේ

"මාම් ඔයා මොනාද හදන්නේ "

"කේක් "

අපේ මාම් ගත්තොත් උපන්දිනේට මල ගෙදරට , දානේ ගෙදරට , පාටියකට , නිකන් ඉන්නකොට ඔය හැම වෙලේම එයාගේ වැඩේ කේක් හදන එක ඔය දැනුත් හදන්නේ කේක් ලුනේ

"ඔය දෙන්නත් යන්කෝ පන්සල් "

"දැන් කොහේ යන්නද කතා කරගත්තේ "

"බෙල්ලන්විල තියෙන්නේ එහේ ලොකු එකක් තියෙනවා කියලා බබ්....මම කියන්නේ ආරු කිව්වා ඩෑඩ් "

"ම්ම් ශෙරින් අපි දෙන්නත් යමුද ?"

"ඔයා හෙට ගෙදරද ?"

"ම්ම් බබා අයියටයි අක්කටයිත් කතා කරලා බලන්න ඔක්කොම යං "

"ඔය ඇත්තමද ?"

"ඔව් ඔව් ......ඩෙකර් හතරක් අරගෙන මුලින් එතන ගිහින් වටයක් දාලා බලන්න හෙට උදේ "

"ඕකේ සර් "

ඩෙකර් එහෙම කියලා එළියට ගියාම මම මාම්ගෙන් එයා උදේ ඉඳන් හදපු රෝල්ස් එකකුත් හොරකන් කරන් එළියට ආවේ අයියට කෝල් එකක් ගන්න

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now