18-පළිඟු දිඟහැරුම ♡

1.1K 167 68
                                    

තව පැය භාගයයි විභාගේ ඉවරයි . හිතපු තරන් පේපර්ස් අමාරු නොවුනත් ලේසිමටි කියලා කියන්නත් බෑ ජොඑලානම් A/L කරන්න බෑම කියලා අඩාවැටෙන්න ගන්නකොට මට බය හිතුණේ ආරධ්‍ය ගැන මොකද මම නිසා මාසෙකට වැඩි කාලයක් එයාට අතවත් හොල්ලන්න බැරි වුනා ඊට පස්සෙත් හුඟක් අමාරුවෙන් එපා කියද්දි තමා ආයෙම වැඩ පටන් ගත්තෙත් ඕක නිසාම මම එයා ෆ්හිහා හැරිලා බලනකොට එයත් පේපරේ ඉවර වෙලා ඩෙස් එකට ඔලුව ගහන් මං දිහා බලන් හිටියා මගේ මීඩියා පේපරේ වගෙ නෙමෙයි එයාගේ music පේපරේ ලේසි ඇති ඒකනේ කවදාවත් පේපරයක් ලියලා නිදාගන්න වෙලාවක් නැති නුරායුටත් නින්ද ගිහින් තියෙන්නේ

මම හිනා වෙලා අහක බලාගන්නයි හැදුවේ ඒත් මේ මිනිහා එතන ඉඳන් තොල් දෙකත් උරුට්ටන් විකාරයක් නටන්න පටන් ගත්ත නිසා මට දැනුණා මගේ කනක් රත් වේගෙන එනවා මම බැන බැන ඉස්සරහා හැරෙනකොට මිනිහා හිනාවෙලා අනික් පැත්ත බලාගත්තා

ඒ ඉතින් එයාගේ හැටි වචනයක් කතා නොකරට එයා හරි උනුහුම් මනුස්සයෙක් හිතන්න එකම මනුස්සයෙක්ට පුලුවන්ද තාත්තෙක් , අයියෙක් , කොල්ලෙක් , වැඩිහිටියෙක් , හුරතලෙක් , හොද ඇහුම් කන් දෙන්නෙක්, වගේම යක්ශයෙක් වෙන්න විශ්වාස කරන්න ආරධ්‍ය ශෙහාන් කියන මිනිහට ඒ  හැමදේම පුලුවන් මගේ ගෙදර මිනිස්සුන්ගේ බිසී ශෙඩියුල් එක නිසා මම මට තනී කියලා හිතන පමාවට එයාගෙන් වැල්වටාරමක් හරි අහලා මැසේජ් එකක් මම කියන්නත් කලින් ආවා

වෙලාවකට මට හිතෙනවා මම ඉන්නේ හීනෙකද කියලා මොකද ඒ තරම් මේ හීනේ උනුහුම් කොල්ලෙක්ට තවත් කොල්ලෙක්ගෙන් ලැබෙන හැඟීම උනුහුම් වෙන්න පුලුවන්ද ? ඔව් පුලුවන් හම්බෙලා මාස තුනයි මම මේ වෙනකොට ආරධ්‍යගේ උනුහුම් අත් මාව වට කරලා කිටි කිටියේ බදාගන්නවට ඇබ්බැහි වෙලා මම දිහා බලන්ම විතරක් ඇදෙන හිනාවට ඇබ්බැහි වෙලා කලු පාට ගැඹුරු ඇස් වලට ඇබ්බැහි වෙලා දවසෙම ප්‍රැක්ටිස් ගිහින් ජිම් ගිහින් , පන්තිත් ගිහින් ගෙදර යන ටිකට මට නින්ද ගිහින් බයික් එකෙන් වැටෙයි කියන බයට එක අතක් පිටිපස්සට දාලා මාව අල්ලගන්න බයික් එක හිමින් පදින මටත් වඩා මාස ගානකින් බාල මේ කොල්ලට මම ඇබ්බැහි වෙලා

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now