82- පළිඟු දිඟහැරුම ♡

606 93 414
                                    

වේගයෙන් ඇදෙන්නේ කලු පාට ඩුකාටියක් ... ඩුකාටියේ වේගේ කොච්චරද කිව්වොත් හුලග කපාගෙන යන වේගේට සද්දයක් ඇහෙනවා විතරයි වාහනයක් ගියා කියලා පෙනීමක් බලන් ඉන්න අයට නම් නෑ ....

හැබැයි මෙතන අවුල වෙන මොකවත් නෙමේ ඩුකාටිය පස්සෙන් පන්නන කලු ඩිෆෙන්ඩර් දෙක

දල වශයෙන් වාහන දෙක ඇතුළෙ දොළහක් වත් ඉන්නවා ... ඒ දොලහටම එරෙහි සටනක් තනි පුද්ගලයෙක්ගෙන් ..... නෑ මම කියන ඩුකාටි රයිඩර්ට නම් ඒක මහ කජ්ජක් නෙමේ .. ඒත් මේ පාරේ බෑ ඒකට වෙනම ප්ලේස් එකකට යන්න ඕන

"මල්ලි ඇයි පරක්කු "

"පැයක් යයි උපරිම එතකන් වැඩේ පටන් ගන්න අක්කේ "

එහා පැත්තෙන් ඇහුන රෙහානාගේ කටහඩට උත්තර දෙනගමන්ම වේගේ වැඩි කරපු ශෙහාන් මුහුද අද්දර ජොගින් පාත් එකකට ඩුකාටිය හැරෙව්වේ කට කොනට වියරු හිනාවක් ගන්න ගමන් ... මම හිතන්නේ ලුහු බැන්ද අයගේ අවාසනාව

"අන්තිමේදි කොටු උනා නේද මරිසි පොර "

"ටස්ක් වැරදි අනුමානයක් කවුද උබලට කොටු උනේ උබලා මට කොටු උනා මිසක්..."

බයික් එකෙන් බැහැලා හෙල්මට් එක ගලවලා ඔලුව කවර් කරන් හිටිය කවර් එක හදාගත්ත ශෙහාන් අතේ ග්ලවුස් දෙක තද කර ගත්තේ ඕනම දෙයකට රෙඩි පිට

"ලැජ්ජයි හැබැයි උබලාගේ පොන්න ලොක්කා කියලා දීලා නැද්ද නිරායුධ කෙනෙක්ට ආයුධ වලින් පහර දෙන්න එපා කියලා "

"උබ කවුද කියපන් ... මොකටද අපේ කොලනියට රිංගුවේ ?"

"මට ඕනිනනම් රිංගනවා ඇයි උබ නවත්තන්නද ?"

විරුද්ද පිලේ සහචරයන්ගේ ලොක්කා කියලා කියන්න පුලුවන් මිනිහා එකෙක්ට සංඥා කරනකොටම එකෙක් ශෙහාන්ගේ පැත්තට කිනිස්සක් විසික් කරේ කන ගාවින් කිනිස්ස ගියත් ශෙහාන් අඩියක් වත් නොහෙල්ලෙද්දි

"ඌව අල්ලගනිං බය කියලා නාමයක්වත් ගෑවුලා නෑ උගේ"

මං හිතන්නේ තත්පර කිහිපයක් ඇතුලත බොහෝ දෙයක් සිද්ද උනා

පලවෙනියටම ගහන්න පැන්න කොල්ලෝ දෙන්නගෙම අත් අබරලා ගත්ත ශෙහාන් උන් දෙන්නගෙම අතේ තිබ්බ කිනිස්සෙන් උගුරු දන්ඩට ඇන්නේ කිසිම හිතක් පපුවක් නැති විදිහට ... ඔව් හරි අනිවාරෙන්ම උන් දෙන්නා මැරුනා .. හැබැයි තත්වේ තේරුම් ගත්ත ඩිෆෙන්ඩර් එකෙන් බැහැලා ආපු අනික් මැරයෝ ටික අතේ තිබ්බ ආයුධ ටික වහ වහා බිම දැම්මා

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now