♡ මිටියාවත...

4K 226 63
                                    

#1 කොටස

අලුත් සියවස ආරම්භය එක්ක වෘක මිනිසුන්ගේ සම්ප්‍රදායන් ටිකෙන් ටික වෙනස් වෙමින් තිබුණා.. ඇල්ෆාවන්, බීටාවන්, ඔමෙගාවන් ලෙස ස්තර තම කණ්ඩායම් වල පැවතුණත් ඇල්ෆාවන් උසස් කොට සැළකීම වත් අනෙක් කාණ්ඩ පහත් කොට සැලකීමවත් අනුමත දෙයක් නොවන බව ඔවුන් තේරුම් ගත්තා.. එසේ දින වකවානු ගත වෙනවාත් එක්කම සියලු දෙනාට සම අයිතීන්, සම සැලකීම් ලැබීය යුතු බවට තම රැලේ නායක මුතුන් මිත්තන් ප්‍රකාෂ කර නිසා මෙකී කාල වකවානු වලදි භේදවලින් තොරවම සියල්ලන් අධ්‍යාපනය ලැබුවා, සටන් පුහුණු වුණා, විනෝද වුණා, පාලන කටයුතු වලට පවා ඔමෙගාවන් සම්බන්ධ වුණා..

බොහෝ වෘක පවුල් මේ භූමිය තුළ ජීවත් වුණා.. ඒත් බොහොම ආදරෙන් සාමකාමීව.. හැමවෙලේම ඔවුන් උත්සාහ කරා ඒ බැදීම් එක විඳියට පවත්වාගෙන යන්න.. ඒ අතරින් මේ වෘක රංචුව ජීවත් වුණේ තැනි බිමටයි කදු පේලියටයි මැද්දෙන්.. ගොඩක් සාරවත් පලාතක ජීවත් වුණු මේ රංචුවට උල්පත් ජලය, ආහාර නොඅඩුවම ලැබුණා.. මේ රංචුව විශේෂ වුණේ සටන් කලාවට වගේම වෛද්‍ය විද්‍යාවට.. අනිත් හැම රංචුවකම එක එක විශේෂත්ව තිබුණා.. දුර බැහැර මුහුද අයිනේ තිබුණ රංචු වලින් පවා අධ්‍යාපන හදාරන්න මේ රංචුව කරා ආවා.. නායක මින් ගෙ උත්සහය උනන්දුව එක්ක හැමදේම හොඳ පාලනයක් යටතේ ගෙනියන්න මේ රංචුවට පුළුවන් වුණා..

තමන් අදහන දෙව්දුවගෙ මැවීම් මත විශ්වාසය තදින් හැමෝගෙම හිත් වල මුල් බැහැලා තිබුණා.. ඒක නිසාම තමන්ගෙ සහකාරයා තමන්ට හමු වෙනකම් ඔවුන් වෙනත් සම්බන්ධතා තියා ගන්න උත්සාහ කරේ නෑ .. විශේෂයෙන්ම ඔමේගාවන් ගෙ ආරක්ෂාව අනෙක් අයගෙ වගකීමක් වුණා..

━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━

සීත කාලය ගෙවිලා ගිහින් වසන්තය උදා වෙලා සති තුන හතරක් විතර වුණා.. කඳු මුදුන්වල තිබුණු හිම විතරක් ඉතුරු වෙද්දී අනිත් හැම තැනකම වසන්තයේ පිපෙන මල් පිපිලා තිබුණ නිසා මේ භූමි ප්‍රදේශය ස්වභාව ධර්මයේ අපූරු නිර්මාණයක් විඳියට පෙනුනා..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now