♡ වෙනස...

564 143 96
                                    

සීතල ලී පොලොවේ ගුලි වෙලා ඉන්න හොබී උදේම අවදි වුණේ යුන්ගි දොරට තට්ටු කරන සද්දෙ එක්ක..

'හොබී ඉක්මනට ලෑස්ති වෙන්න පරක්කු වෙනවා...'

ඒ එක්කම හොබී බැලුවේ එළිය..

අයියෝ ලුනා... හොඳටම එළිය වැටිලා..

අල්මාරියේ තිබුණු අතට අහුවුණ ඇදුමක් අරන් පහළට දිව්ව හොබී ඉක්මනින් ලෑස්ති වෙලා සුදු පාට කබායත‍් අතකින් දාගෙන යුන්ගි එක්කම රෝහලට ගියා.. යන අතරමග ඒ දෙන්නා අතර කිසිම කතාවක් තිබුණේ නෑ වගේම අඩුම තරමේ එකිනෙකාගෙ මුණ වත් බලන්නට උනන්දු වුණේ නෑ..

රෝහලට ගියත් එදා දවසේ ඉවර කල යුතු වැඩ හුඟක් හැමොටම පැවරිලා තිබුණා.. එක එක රෝගීන් අධ්‍යයනය කරන්න හැමොටම අණ කරලා තමන්ගෙ කාර්යාලයට ගිය ජින් රෝගීන්ගේ වාර්තා පරික්ෂා කරන්න පටන් ගත්තා..

හුඟක් මහලු බීටා කෙනෙක් ළඟ එයාගෙ තුවාල පරික්ෂා කර කර හිටියේ හොබී එක්ක යුන්ගි.. කණ්ඩායම් වැඩ වලදි ඒ දෙන්නා හුඟක් වෙලාවට එකට හිටියත් එකේ කිසිම විශේෂයක් තිබුණේ නෑ..

හොබී නිතරම කබාය ඇතුලේ අත් හංගන්න උත්සාහ කරපු බව යුන්ගි කල් තියා හොඳින්ම දැක්ක.. ඒත් පැහැදිලිව ඒ ගැන දකින්න පුළුවන් වුණේ නැති නිසා යුන්ගිට කුතුහලයක් තිබුණා හොබී ගෙ අමුතු හැසිරීම් ගැන..

' හොබී මේ බන්දේසිය අල්ලගන්න පුළුවන්ද මම තුවාල බඳින්නම්...'

උපායක් විඳියට යුන්ගි එතැන තිබුණ බන්දේසිය හොබී අතට දුන්නා.. මඳක් පැකිලීමකින් බන්දේසිය අතට ගත්තු හොබී එහා පැත්ත හැරෙන්න කලින් ඒ අත් වල තිබුණු කැපුම් තුවාල යුන්ගි ගෙ ඇස් වලට අහුවෙලා ඉවරයි..

ඒත් කිසිම විශේෂයක් නොකර දිගටම යුන්ගි රෝගීන් එක්ක දවල් වරුවම ගත කරා.. ජින් පවරාපූ වැඩ ඉක්මනින්ම ඉවර වුණු නිසා ජිමී ලා එනකම් යුන්ගිලා ට දවල් කෑමට වෙලා තිබුණා..

අන්තිම පුංචි දරුවත‍් පරික්ෂා කරල රෝග නිර්ණ සටහන් පිලිවෙලක් කරගත්ත හොබී සටහන් පොත ඇතුලට තීන්ත පෑන තියලා වහන්නත‍් කලින් යුන්ගි හොබී ගාවට ඇවිත් බාහුව ලඟින් තදින් ග්‍රහණය කර ගත්තා..

RED JASPER | SOPE | COMPLETEDМесто, где живут истории. Откройте их для себя