♡ පින්තාරුව...

428 120 46
                                    

' සුබ උදෑසනක් යුන්ගි...'

ජින් රෝහලේ පුස්තකාලයට වෙලා යමක් ලියමින් හිටියා.. පා වහන් ගැටෙන සද්දයක් එක්ක අවධානය බිඳිලා ගියා..

' සුබ උදෑසනක් හියුන්ග්..' ' ගෙදර යන්නෙ නැද්ද ඊයේ රැ ඉඳලම මෙහෙ නේ..'

' ම්ම්.. දැන් යන්න කියලා තමයි මේ ලෑස්ති වුණේ.. ඒක නෙමේ කෝ හොබී..? '

යුන්ගි තරමක් හිටි තැන නැවතුනේ හොබී ගැන සදහන් කරපු නිසා..

' අහ්හ්.. හොබී එයාට සනීප නෑ හියුන්ග්.. උණ..'

යුන්ගි බොහොම සාමාන්‍ය හඬකින් උත්තර දෙන්න උත්සාහ කරා..

' ඒක තමයි ඊයේ ටිකක් අමාරුවෙන් හිටියේ.. මම යන්නම් එහෙ දවල් වෙන්න බලලා එන්න.. '

' එපා.. '
' නෑ මම කිව්වෙ ඕන වෙන එකක් නෑ කියලා මම බෙහෙත් දුන්නා මම හිතන්නෙ එයා විවේක ගත්ත නම් හොඳයි කියල.. '

' එහෙමද..? හරි එහෙනම්..'

ජින් පොත් ටික වහලා පැත්තකින් තියල යන්න නැගිට්ට..

' මම ගිහින් එන්නම්.. මෙහෙ වැඩ ටික බලාගන්න.. හදිස්සියක් වුණොත් පණිවිඩයක් එවන්නකො... '

' හියුන්ග් කරදර වෙන්න එපා, මං එක්ක ජිමී ත‍් ඉන්නව.. ඒක නිසා විවේක ගන්න.. '

' හරි යුන්ගි.. සුබ දවසක්.. '

ජින් දොර වහන් යන්න ගියාට පස්සේ යුන්ගි ජින් නවත්තලා ගිය තැන ඉඳලා වැඩ පටන් ගත්තා.. වැඩ කිව්වට හිත තිබුණේ ගෙදර..

━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━

බඩගින්නක් එක්ක ඇගට දැනුනු අමුතු සීතල නිසා හොබී ඇහැ ඇරලා වටපිටාවට අවධානය දුන්නා.. එළියේ තිබුණු අදුරු ගතියයි ගෙදර තිබුණු දැඩි නිශ්ශබ්ද තාවයයි එක්ක හොබී අනුමාන කරපු දේ තමයි ගෙදර කවුරුත් නැති වග..

ඒ එක්කම හොබී ගෙ මතකෙ දුවගෙන ගියේ පහුවදා රෑ වුණු සිදුවිම් වලට.. ඇඳ කොණක තියෙන නිදන ඇදුම ඇහැ ගැටෙනව එක්කම හොබී ඇද රෙද්ද තදින් ඇගට තද කර ගත්තා..

' අනේ ලූනා....'

ඊයේ වුණු දේවල් එක්ක හොබී බොහොම කලබල වුණා.. තමන්ට ඒ වෙලාවේ හැඟිම් පාලනයක් නැතුව ගිය නිසා තමන් ගැනම ලැජ්ජාවක් ඇති වුණා.. කොහොමින් කොහොම හරි යුන්ගි මේ වෙලාවේ ගෙදර නොහිටි එක ගැන නම් හොබී සෑහෙන්න සතුටු වුණා.. හදිස්සියේ තමන් ඉවර කල යුතු වැඩ ටිකක් මතකෙට ආපු නිසා ඇඳ කොනක තිබුණු නිදන ඇදුම ඇඟේ පටලගෙන පහළට ගියේ උදේ කෑමට වගේම පිරිසිදු වෙන්න..

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now