♡ සතුටු හිතෙන කාලයක්...

418 79 56
                                    

" යුන්ගියා.. චෝහි කොහෙද..ඔයා එක්කද ඉන්නෙ.."

හොබී අමාරුවෙන් පඩිපෙලත් නැගගෙන උඩට එනව දැක්ක යුන්ගි චෝහිව ඇදෙන් තියලා හොබීව වාරු කරගත්තා.. 

" ඔයා ඇයි ලමයො උඩට ආවෙ අමාරුවෙන්..චෝහි මේහ්..මාත් එක්ක ඉන්නෙ.."

හොබි අමාරුවෙන් ටිකක් විතර ඉස්සරහට ආපු බඩත් අල්ලගෙන ඉදගත්තා.. පඩිපෙල නගිනව වගේ නෙමේ හොබීට හති හොදටම.. විවහයෙනුත් අවුරුදු එකහමාරකට විතර පස්සෙ හොබීට ආපහු ඔම්ම කෙනෙක් වෙන්න පුලුවන් වුනා.. ජින්ට එයාලගෙ දරුවව හම්බෙලා තවම සති කීපයයි නිසා නිතරම හිටියෙ ගෙදර..රෝහල ගැන හිතන්නවත් ජින්ට වෙලාවක් වුනේ නෑ නම්ජූන්ගෙ අම්ම වගේම අප්පත් ඇවිත් එයාලගෙ ගෙදර නැවතිලා හිටිය නිසා.. පවුලට අලුතින් කට්ටිය එන තරමට හුගක් කාර්‍යබහුල වුනේ ජිමීලා.. යුන්ගි වගේම නම්ජූනුත් එයාලගෙ ඔමේගලා එක්ක ගෙදර නැවතිලා හිටිය නිසා ජින් කරන වැඩ වගේම හොබීගෙ යුන්ගිගෙ වැඩත් ඔක්කොම බලාගන්න වුනේ ජිමිටයි එයාගෙ ඇල්ෆලා දෙන්නටයි.. වෙනදට වඩා දෙගුනයක් විතර එයාල මහන්සි වුනා.. 

හොබීට හිනාගියේ චෝහි මුලු කාමරේම කොට්ට ඇදල දැදල බිමට දාල තියෙන හැටියෙන්..චෝහි නෙමේ එයාගෙ අප්පා.. යුන්ගි තමයි චෝහි එක්ක සෙල්ලම් කරන්න ඕන කියල කාමරේට ඇවිත් කොට්ට හරේ මෙහේ දාල තියෙන්නෙ.. චෝහි පුදුම තරම් දග ලමයෙක්.. කොයි වෙලාවකවත් එක තැනක ඉන්න චෝහිට උවමනාවක් නෑ.. කවුරුත්ම එයාව බැරිවෙලාවත් ගනන් නොගත්තොත් මුලු දවසෙම කෑ ගගල අඩනව.. වෙලාවට යුන්ගිට මහන්සියි චෝහිවම නලවලා..අනිත් එක චෝහිට පුදුම උවමනාවක් තියෙන්නෙ දේවල් ගැන දැනගන්න..දකින හැම දෙයක්ම චෝහිට දැනගන්න ඕන.. ඒක මලක් , ගහක් , කුරුල්ලෙක් මොකක් වුනත් එයා ඒක මොකක්ද කියල අහන සිය වෙනි වතාවෙත් කවුරුහරි එයාට ඒක ගැන පැහැදිලි කරල දෙන්න ඕන.. යුන්ගි ඇත්තටම හිතන්නෙ නැතුව ඇති ලමයෙක් හදන එක මෙච්චරටම අමාරු වැඩක් කියලා.. ආයෙම වතාවක් ඔය ටික මුල ඉදලම කරන්න ඕන කියල මතක් වෙද්දි .. ඔහ්!!

" යාහ්........ කවුද මේ කාමරේ හැඩි කරල තියෙන්නෙ අහ්හ්...? දැන් ටිකකට කලින් නේද මම ගෙදර අස් කලේ.. යුන්ගි!!!"

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now