♡ නිවාඩුවක්...

450 75 68
                                    

 ' ඔම්මා සුබ උදෑසනක්...!!"

හුරතල් පාට පෙනුමක් තියෙන තරුන ඔමේගා කෙනෙක් ඇවිත් හොබීව හුගක් තද කරලා බදාගත්තා..කොච්චර තදටද කියනවනම් හොබීගෙ හුස්මත් හිර වෙන්න ආවා..

" ඒයි මෝඩයා ඔම්මට ඉන්න දීල එහාට යනවා.."

අර හුරතල් ඔමේගගෙ කනෙන් ඇදලා එහාට කලේ මහා නපුරු පෙනුමක් තියෙන ඇල්ෆා කෙනෙක්.. එයාගෙ කොන්ඩෙ උරහිස ලගට දිගයි.. ඇස් නපුරු පෙනුමයි.. හිනාවක් මූනෙ අහලකවත් නැති කෙනෙක්ව මරන්න තරමේ බැල්මක් තියෙන ඇල්ෆා කෙනෙක්..ඒ හොබීගෙ දෙවෙනි දුව හනා.. එතකොට අර උදේම ඇවිත් ඔම්මා ලග හුරතල් වුනු ඔමේගා හොබීගෙ පොඩිම පුතා හියුන්ග්වූ..

" හනා!! හියුන්ග්වූ!! රන්ඩු කරන්නෙ නැතුව ඉන්න දෙන්නම.. මම අප්පට කියනව ආයෙ රන්ඩු වුනොත්.."

මූනට මූන බලාගෙන රවන හනාවයි හියුන්ග්වූවයි එහාට කලේ තව ඇල්ෆා කෙනෙක්.. එයාගෙ කොන්ඩෙ කකුල් දෙකේ ගෑවෙන්න තිබුනෙ බොහොම ටිකයි..ඇස් හීනි දිග බය හිතෙන ලස්සනක් තිබුන ඇල්ෆා කෙනෙක්.. ඒ හොබීගෙ ලොකුම දුව චෝහි..

" මෝඩ හනා.."

" මෝඩ හියුන්වූ.. බයගුල්ලා.."

" මම බයගුල්ලෙක් නෙමේ.. නපුරි.. "

" හහ්.. මෝඩ බයගුල්ලා.. "

හනා ගස්සලා යන ගමන් හියුන්ග්වූගෙ අත පුලුවන් තරම් තදින් හූරගෙන ගියා..

" නූනා!! බලන්නකෝ හනා මගේ අත සීරුවා.. මම මොකුත් කලෙත් නෑ..."

හියුන්ග්වූ චෝහිව බදාගෙන අඩන්න පටන්ගත්තා..හොබී බොහොම ඉවසීමෙනුයි මේ රන්ඩුව ගනන් ගන්නෙ නැතුව එලවලු කපන්නෙ..

" ගුටි කන්නෙ නැතුව තුන්දෙනාම යන්න එහාට.. උදේ පාන්දර පටන්ගත්තා රන්ඩු වෙන්න.. "

හොබී පලවෙනි පාර හොදින් අනතුරු ඇගෙව්වා..

" දැක්කනේ මේ ගෙදර මට ආදරේ කවුරුත් නෑ.. අප්පා.."

හියුන්ග්වූ අඩ අඩාම පඩිපෙල නැගගෙන උඩට ගියා.. චෝහිත් මොකුත් නොකියා හනා එක්ක සාලෙට ගියා.. හොබී ඇස් කරකලා 'විකාර' කියන්න වගේ ආයෙම එයා කර කර හිටිය වැඩේට අවදානෙ දුන්නා.. හියුන්ග්වූ හැමදාම ඔන්නිලා දෙන්නට මොකක් හරි දග වැඩක් කරලා හුරතල් වෙන බවත් හොබී දන්නවා.. හනා බොරුවට කේන්ති ගන්න බවත් හොබී දන්නව වගේම චෝහි දෙපැත්තටම උදවු කරලා හොද නම ගන්න බවත් හොබී දන්නවා.. තුන්දෙනා තුන් විදියක්.. හොබීට රන්ඩු බේරලා ඉවරයක් තිබුනෙ නෑ.. 

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now