♡ පිළිස්සුම් තුවාල...

277 77 34
                                    

ජින් ගෙ විවාහ උත්සවයට පස්සෙ ආයෙත් හැමෝම පුරුදු කාර්යබහුල ජීවිතේ පටන් ගත්තා.. අලුත් ශිෂ්‍යයො පුහුණු කරන්නත් සමහර වෙලාවට අනිත් අයට සිද්ධ වුණේ වැඩිහිටි වෛද්‍යවරු ප්‍රතිකාර වලට වෙන ගම් වලට එහෙම ගිය නිසා..

හොබී යුන්ගි ගෙ ඔමේගා කියලා දැන් නොදන්න කෙනෙක් නැති තරම්.. ඒ නිසා ඒ දෙන්නටත් වෙනදා වගේ දුරින් ඉන්නම ඕනේ වුණේ නෑ.. සාමාන්‍ය විඳියට කාලෙ ගෙව්වා.. මේ අතරේ දවසක් ජිමීටයි යුන්ගිටයි හොබීටයි හෙදියො පුහුණු කරන්න පුහුණුවීම් තියන පැත්තට යන්න ජින් පැවරුවා.. යුන්ගි ටික වෙලාවකින් එන්නම් කියපු නිසා හොබී ජිමී එක්ක මුලින් ඒ පැත්තට යද්දීත් හැමෝම පුහුණුවීම් වලට ලෑස්ති වෙලා නිල ඇදුම් උවමනා දේවල් රැස් කරගෙන හිටියා..

යුන්ගි එනකම් කියලා ජිමී එතැන හිටිය කට්ටිය දෙකකට බෙදාගෙන පුහුණුවීම් කරා.. හොබී ත‍් කියලා දෙන්න ඕනේ කොටස් ටික කියලා දීලා අනිත් අය වැඩ කරන් යන හැටි බලාගන්න එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටියා.. වැරදි අඩුපාඩු එහෙමත් හදන ගමන් හොබී යන අතරේ හොබී ගෙ ඇස් වල නතර වුණේ හැමදාම වගේ තමන්ට වඩා ලොකු නිල ඇදුමක් ඇඳන් ඉන්න ඔමේගාව.. ඝන කෙස් වැටිය උඩට කරලා දිග කොන්ඩ කටුවක් රඳවලා තිබුණ ඔමේගා ගෙ තියුණු ඇස් වෙනදාට වඩා පැහැදිලිව හොබී ට පෙනුනා.. මොකක්දෝ හේතුවක් නිසා හොබී ට නිතර මේ ඔමේගා කැපිලා පේනවා..

ඇරත් කිසිම යාලුවෙක් ඉන්න බවක් පේන්නෙත‍් නෑ.. හරි අමුතු ඔමේගාවෙක් කියලා හොබී ට හිතුනේ.. හොබී අත් දෙකත් පිටිපස්සට බැඳගෙන ඒ ඔමේගා දිහාම බලාගෙන ඒ පැත්තට යද්දී ඒ ඔමේගා ගෙ ඇස් හොබී ට අහුවුණා.. හොබී තමන් දිහා බලාගෙන ඉන්නවා දැක්ක ඔමේගා ඉක්මනින් අහක බලාගත්තෙ නොදැක්ක වගේ රඟපාන්න..

ඒ එක්කම එහා පැත්තෙ හිටිය ඔමේගා හොබී ට කතා කරේ ප්‍රශ්න වගයක් අහගන්න.. ඒ නිසා හොබී එතැනට ගිහින් ඒ ඔමේගා ට උදවු කරද්දී දැක්කේ යුන්ගි ත‍් ඇවිල්ලා ඉන්නව එතැනට ටිකක් එහායින්.. හොබී යුන්ගි ව දැක්ක නිසා යුන්ගි එක්ක හිනාවෙලා ආයේ කර කර හිටිය දේට උනන්දු වුණා.. එතැන හිටිය ඔමේගලාට දැන් ප්‍රශ්න නැති වුණත් ප්‍රශ්න හදාගෙන හරි ඇල්ෆාගෙන් අහගන්න තමයි උවමනාව.. ඒකත් හොබී ට පෙන්නන්න බැරි දෙයක් ඉතින්..

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now