♡ රිදුන හදවත...

329 90 61
                                    

ගම මැද්දට වෙන්න හදල තිබුණ පොකුණේ කණ්ඩිය උඩ ඉඳගෙන කුක් මාළුන්ට කෑම විසි කරන ගමන් හොබී එක්ක කතාවක හිටියේ.. අද කලින් රෝහලේ වැඩ ඉවර වුණු නිසා දෙන්නම එළියට ආවේ නිදහසේ ඉන්න..

' අනේ.. මේ.. හොබී.. කිව්වනෙ වතාවක්.. ඔය නරිය එක්ක මම එන්නේ නෑ නෑ නෑ නෑමයි..'

කුක් කටත‍් ඇද කරන් අහක බලාගෙන කිව්වා..

' එහෙම කියලා කොහොමද කුක්.. මම සේ-ජින් ට පොරොන්දු වුණා..'

' එන්නම් හැබැයි කතා කරන්න බෑ..'

' අන්න හොඳ ඇල්ෆා..'

සේ-ජින් ගෙ අම්මා බලන්න යන්න කලින් දවසේ හොබී පොරොන්දු වුණු නිසයි එදා වුණු දේවලුයි ඔක්කොම නිදහස් වෙලාවක හොබී කුක් එක්ක කිව්වා.. කොහොමත් රහස් නොතිබුන දෙන්නෙක් ට එයාල අතරේ හිටියේ ඒ දෙන්න විතරයි.. ඒ අතරේ කුක් මේ දේවල් ගැන හිටියේ හිත හොඳකින් නෙමෙයි.. මේ දේවල් වල මොනාහරි වැරද්දක් තියෙන බව කුක් දන්නවා.. ඒත් මේ වෙලාවෙ කුක් ට පැත්තක් තෝරාගන්න බැරි එක තමයි ප්‍රශ්නෙකට තිබුනේ..

' හොබී..'

කුක් මාළු කෑම තිබුණු මල්ල පැත්තෙන් තියලා සම්පූර්ණයෙන්ම හොබී ඉන්න පැත්තට හැරුණා..

' ම්ම්ම්..? ඇයි කුක්..'

හොබී පොකුණින් ඇස් අහකට නොගෙනම කතා කරා..

' ඔයාට හිතෙන්නෙ නැද්ද මේ දේවල් යුන්ගි හියුන්ග් දැනගන්න ඕන කියලා.. මම කියන්නෙ ඔය දෙන්න අතරේ රහස් තියෙන එක හොඳ නෑ නේද..?'

හොබී එහේ මෙහේ වරල් ගසන මාළු දිහා බලාගෙන දුකින් හුස්මක් පහළ දැම්මා..

' කුක්.. සමහරවිට මම පරක්කු වැඩි නැද්ද..?'

' ඒත් යුන්ගි හියුන්ග් හමුවුණ මුල් කාලේ ඔය දේවල් කතා කරා නම් පරක්කු නෑ නේද..? '

' හ්ම්.. මන්දා කුක්.. මම කරපු දේවල් ගැන ඇත්තටම මට තියෙන්නේ ලොකු කලකිරීමක්..'

හොබී හැන්බොක් එකේ කොණක තිබුණු නූලක් දිගට අදින ගමන් කතා කරා..

' ඒත් හොබී මේ දේවල් වලට වැඩි පැවැත්මක් නෑ.. ඒකත් මතක තියාගන්න.. '

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now