♡ හඳ එළියේ උණුහුම...

385 82 49
                                    

සීතල හිම පියලි මල් වැස්සක් වගේ බිමට වැටෙන්නේ පොළොව පුරාම පලසක් එලලා වගේ සුදු පාටට පාට කරන ගමන්.. කොළ හැළුණු සකුරා ගස් පිරුණු පාර අවසානයේ තිබුණු පුංචි ගෙදර දුම් කවුළුවෙන් ලාවට දුම් වලාවක් එළියට ගලාගෙන යන ගමන් තිබුණා.. උදේ පාන්දර වටපිටාව හරිම නිස්කලංකයි වගේම ටිකක් පාළුයි ..

දුම් කවුළුව තිබුණු ගෙදර තනි තට්ටුවේ හුරුබුහුටි ගෙදරක්.. කාමර දෙකක් එක්ක පොඩි මුළුතැන්ගෙයක් වගේම සාලයක් බොහොම පිලිවෙලට තිබුණා.. එක කාමරේක‍ පිලිවෙලට අහුරලා තිබුණු පොත් රාක්ක කීපයත‍්, මේසයත‍්, පුටුවත‍්, තේරුමක් හිතාගන්න අමාරු පින්තාරු කීපයත‍් කාමරේ පාළු ගතිය හුඟක් දුරට අඩු කරලා තිබුණා..

ඊළඟ කාමරේ දොර ළඟම බිම තිබුණේ ලා අළු පාට හිම කබායක් ඊට එහායින් ඔමේගාවෙක්ගෙ හිස පළඳනාවක්..???

යුන්ගි සුපුරුදු විදිහට උදේම අවදි වුණේ රෝහලට යන්න.. ඇස් වලට දැනෙන බර ගතිය නිසා ඇස් පොඩි කරගන්න ගමන් කෙලින් වෙන්න උත්සාහ කරපු යුන්ගි දැක්කෙ රෑ ඇදුමක් වෙනුවට ඊයේ ඇදගෙන ගියපු ඇදුම තාමත් තමන්ගේ ඇඟේ තියන හැටි.. ඒකත් බාගෙට ගැලවිලා ගිහින්.. නැගිටින්න ගත්ත උත්සාහය අතෑරලා ආයේ කොට්ටෙ උඩට වැටුණු යුන්ගිට මතක් වුණේ අද එයාගෙ නිවාඩු දවස නේද කියලා..

ඊයේ යුන්ගිගෙ ළඟම යාළුවෝ වුණු මසාෂි, ෂිනොබු, ඉට්සුකි වගේම මසුමි, හිරොටො තැබෑරුම ලඟදි යුන්ගිට හමුවුණ බව යුන්ගිට මතක තිබුනා.. ඉට්සුකි බලෙන්ම යුන්ගිව තැබෑරුම ට එක්කන් ගියපු එකත් හුඟ වෙලාවකට පස්සේ මසුමි මත් වුණු යුන්ගිව ගෙදරට ඇරලන්න ආපු බවත් යුන්ගි මතක්කරා ..

රෝහලේ ඉන්න ලස්සනම ඔමේගා වුණ මසුමි යුන්ගිට කැමැත්තෙන් ඉන්න බව බොහොම ප්‍රසිද්ධ රහසක් වුණත් ඊයේ වෙනකම් යුන්ගි ඒ බව විශ්වාස කරේ නෑ.. ඒත් ඊයේ රෑ මසුමී යුන්ගි ට ආදරේ කරන බව කිව්වට පස්සෙ යුන්ගි තේරුම් ගත්තා කටකතා තවදුරටත් බොරුවක් නොවෙන බව.. මසුමි ගෙ නොමනා හැසිරීම් නිසා යුන්ගි හොඳටම මසුමි ට බැණ වැදුණා.. ඊට පස්සෙ තරහ නිසාම යුන්ගි මසුමි ව සීතලේ ගෙදරින් එලියට දාපු නිසා බහින් බස් වීම එතනින් ඉවර වුණා.. ඒක ඇත්තටම යුන්ගිට දැන් මතක් වෙද්දිත් දැනෙන්නෙ ලොකු අපහසුතාවක් වගේම කලකිරීමක්..

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now