♡ අලුත් මිතුරා...

679 161 47
                                    

#3 කොටස

' මම හිතන්නේ මම ඔයාව දන්නවා.. ඒ වගේම ඔයා හොයන්නෙ මේක‍ වෙන්න ඕන..'

ජින් සන්සුන් හඬින් එහෙම කිව්ව වුණත් ඒ වචන වලින් ආයේ ඒ ආගන්තුක ඇස් වලට කේන්තියක් මිශ්‍ර වුණා..

' ත_තමුන් කව්ද කියනව.. මොකද මාව මෙහෙම හිර කරන් ඉන්නේ.. තමුසෙ මොනවද මට කරේ..'

ඒ ඇස් වල පේන කේන්තියට කොහෙත්ම ගැලපීමක් නැති ඒත් කොහෙත්ම සන්සුන් බවක් ගෑවිලා වත් නැති වෙව්ලන කටහඬින් තරුණ ඔමේගා කතාකරද්දි ජින් සන්සුන් හඬින් දිගටම කතාකරන්න වුණා..

' කලබල වෙන්න එපා තරුණ ඔමේගා.. මම ඔයාට මොකුත්ම කරේ නෑ මමත් ඔමේගා කෙනෙක්.. '

ජින් ආගන්තුක ඔමේගා ගෙ හිතේ තමන් ගැන විශ්වාසයක් ඇති වෙන විඳියට තමාගෙ හඬ හසුරුවන්න උත්සාහ කරා.. ඇත්තටම අනෙක් ඔමේගා ඒක නිසාම යම්තාක් දුරට සන්සුන් වුණා..

කිසිම දෙයකට බයක් හරි වෙනසක් හරි නොපෙන්වා ජින් ඇවිද ගිහින් ඔමේගා හිටිය ඇඳේ උඩ හරියෙන් ඉඳ ගත්තා.. තනි සුදු පාට හැන්බොක් එක එහෙ මෙහෙ වෙලා තිබුණ නිසා පපුව පුරා තිබුණු තිබුණු වෙළුම් පටි අඩ අඳුරේ ම වුණත් ජින් ට පැහැදිලිව පෙනුනා.. ඔමේගා ලඟින් ගලාගෙන ආවේ මී පැණි මිශ්‍ර සූරියකාන්ත මල් සුවඳක්..

' මේ අහන්න ඔමේගා.. අපිට ඔයාව හම්බුනේ දිය පාර ළඟ තුවාල වෙලා ඉද්දි.. එතකොට නම් මම ඔයා ගැන දැනගෙන හිටියේ නෑ.. හැබැයි දැන් නම් ටිකක් දන්නව..'

ජින් තරමක් දඟකාර විඳිය කතා කරද්දී ජින් ගෙ දිලිසෙන ඇස් දිහා ආගන්තුකයා අවධානය දෙමින් බලන් හිටියා..

' මම හෝසොක්.. ජන්ග් ජියා, ජන්ග් සූයොන් කියන්නෙ මගේ ඔම්මලා..., ඔයා අපේ රැළ ගැන දන්නව ඇති නේද..? '

හෝසෙක් ජින් ගැන සම්පූර්ණ විශ්වාසයක් තියලා එකපාර එහෙම කියලා දැම්මත් ඊළඟ මොහෝතේ තමන් නොදන්න කෙනෙක් විශ්වාස කර එක ගැන පසුතැවිලි වුණා..

' හෝසෙක් මේ අහන්න ඔයාට මාව විශ්වාස කරන්න පුළුවන්.. ඔයා මින් රැළ ගැන දන්නව ඇති නේද.. ඔයා ඉන්නෙ දැන් අපේ ගමේ... කොහොමටවත් බය වෙන්න එපා.. මෙහෙදී ඔයා මොන දේකින් වුණත් ආරක්ෂිතව ඉන්න පුළුවන් ..'

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now