♡ අවවාද...

457 127 28
                                    

පහුවදා තිබුනෙ හොබී ට වගේම අනිත් අයටත් සටහන් සම්පූර්ණ කරන්න වගේම ලබාදුන් මාතෘකාවක් යටතේ බෙහෙත් පැළ අධ්‍යයනය කරලා සම්පූර්ණ වාර්තාවක් හදල ජින් ට දෙන්න..

උදේ කාටවත් අවදි වුණේ නැති නිසා මේ හත් දෙනාගේ කණ්ඩායම හවස් වෙන්න රෝහල් පුස්තකාලයට ගිහින් කරුණු ගොනු කරන්න පටන් ගත්තා.. ඇට මිදුලු හානියකදි කරන්න ඕන ප්‍රතිකාර වල පියවර ගලප ගලප හිටිය හොබී පොතෙන් මූණ එළියට ගත්තෙ එහා පැත්තෙ හිටිය ජිමී කතාකරන සද්දෙ නිසා..

' හොබී ඔයාට ලොකු හියුන්ග් එන්න කිව්වනෙ හවස.. දැන් මට මතක් වුණේ.. අයියෝ මට බැනුම් අහන්න වෙන්නෙ දැන් කිව්වේ නෑ කියල..'

ජිමී ඔලුවට අතකුත් තියාගෙන කියවන හැටි දැකල හොබී ට හිනා ගියා..

' හරි හරි ජිමී මම දැන් යන්නම් මගේ වැඩ කොහොමත් ඉවරයි.. එහෙනම් ගිහින් එන්නම් හරි ද..? '

හොබී පොත් පත් ටික වහල නැගිටලා යන්න ගියාට පස්සෙ ටිකක් ඈත මේසෙක‍ ඉඳන් හිටිය කුක්, ටේ, යුන්ගි ජිමී ලඟින් ඉඳ ගන්න ආවේ පොඩි කතාබහකට කම්මැලි කම යන්නත් එක්ක..

ජින් ගෙ කාර්යාලයට යන්න කලින් හොබී හොරෙන් ඔලුව දාලා බැලුවේ ජුන් හියුන්ග් ඉන්නවද කියල.. මොකද දවසක් කුක් එක්ක කඩාගෙන බිඳගෙන ඇතුලට ගිහින් අකරතැබ්බයකට මූණ දෙන්න වුණු නිසා..

දොර පැත්තට තල්ලු කරපු හොබී පාවහන් ගලවලා කුටිය ඇතුලට යද්දි ඇතුලේ හිටියේ ජින් විතරයි.. ජින් හරිම සන්සුන්ව වාර්තා එකින් එක අතට අරන් පරික්ෂා කරල පැත්තෙන් තියන ගමන් හිටියා.. දවසේ රෝගීන් එක්ක කොච්චර කාර්යබහුල වුණත් ජින් ගෙ මූණේ නිතර ඇදිලා තිබුණු හිනාව නම් කවදාවත් යටපත් වූණේ නැහැ.. ඒක නිසා ජින් ඉස්සරහ හොබී පොඩි වත් බියක් ඇති කර ගත්තෙ නෑ..

දොර තල්ලු වෙද්දී ලී එකිනෙක ගැටෙන සද්දෙ නිසා වාර්තා වලින් ඇස් දොර දිහාට එල්ල වෙද්දී ජින් දැක්කෙ හොබී ඇවිත් ඉන්න බව..

' සුබ සන්ධ්‍යාවක් හියුන්ග්..'

' අහ්හ් සුබ සන්ධ්‍යාවක් .. අපේ හොබී දැන්ද එන්නෙ ආආආ.. එන්න එන්න මම මේ බලාගෙන හිටියේ.. පුදුම වෙන්න දෙයක් නෑ ජිමී ඔය පණිවිඩේ හෙට කිව්වෙ නැති එක ගැන සතුටුයි.. මේ කොල්ල නම්..'

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now