♡ ලියුම...

276 79 82
                                    

ජින් හොඳ හුස්මක් අරගෙන යුන්ගි එයාට විශේෂයෙන්ම එවපු ලියුම ඇරලා කියවන්න පටන් ගත්තා.. ලියුම බොහොම පැහැදිලි අත් අකුරෙන් ලියලා තිබුණා..
▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄

ජින් හියුන්ග්...

මට මුලින්ම සමාවෙන්න හියුන්ග්.. ඒත් මම හිතන්නෙ නෑ මම තවදුරටත් රැඳෙන එකේ තේරුමක් තියනවා කියල.. හැමදේම වුණාට පස්සේ වුණත් මම එයාට සමාව දුන්නා හියුන්ග්.. කොහොම වුණත් මම ගත්ත තීරණේ ගැන පසුතැවීමක් නෑ.. මම දන්නව මම නොකිව කියලා හියුන්ග් හෝසෙක් ගැන බලන්නෙ නැත්තෙ නෑ කියලා.. ඒක නිසා හියුන්ග් හෝසෙක් ව පරිස්සමින් බලාගන්න.. මොකක් වුණත් මට පරණ දේවල් අමතක කරන්න බෑ.. එහෙම කියලා මට අයේ ලං වෙන්න උවමනාවක් නෑ.. ඒක හරියට කලකිරීමක් වගේ.. හියුන්ග් මම ආයේ ඉල්ලන්නේ හෝසෙක් ව පරිස්සමින් බලාගන්න.. එයාගෙ මුරණ්ඩු වැඩ වලට උදවු දෙන්න යන්න එපා.. කොහොමත් හෝසෙක් ගෙ මුරණ්ඩු කමේ සිමාවක් නෑ හියුන්ග් දන්නෙ නැති වුණාට.. කියන දේ නෙමෙයි කරන්නෙ.. වෙලාවකට හෝසෙක් අමුතු විඳියට හැසිරෙන්නෙ.. එයාගෙ අසනීප ගැනත් බලන්න හියුන්ග්.. මම මේ දේවල් කියන්නෙ මොකක් වුණත් හෝසෙක් මගේ ඔමේගා නිසා.. මම හිතන්නෙ මගේ අතින් හුඟක් වැරදි වුණා.. අවස්තාවක් හම්බුනොත් මම හෝසෙක් ගෙන් සමාව ගන්නම්.. ඒත් ආයේ ගමට එන්න මට හිතක් නෑ..

මම දැන් ඉන්න පලාතේ ලොකු ප්‍රශ්නයක් නෑ.. සති තුනක් විතර ගියා මට හරියටම තැනට එන්නත්.. අනික කාර්යබහුල වැඩියි මෙහේ කොයි වෙලාවෙත්.. මේ ලියුම වෙන කාටවත් පෙන්නන්න එපා හියුන්ග්.. කියවල ඉවරවෙලා විසි කරලා දාන්න.. ගෙදර හැමෝම පරිස්සමින් බලාගන්න.. මමත් පරිස්සමින් ඉන්නවා.. මම නවතින්නම්..

යුන්ගි...

▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄

ජින් ලියුම ආයේ පරිස්සමින් නවලා ලාච්චුවට දැම්මේ හරිම හිස් හැගීමකින්..

" යුන්ගි ඔයා වැරදියට තේරුම් අරන් ඉන්නේ.."

ජින් ට කියන්න පුළුවන් වුණේ එච්චරයි.. ඒත් ජින් දැනන් හිටියා යුන්ගි තවමත් හොබී ට ආදරේ බව.. යුන්ගි මොකක්හරි හේතුවකට හොබී ට ආයේ ලං වෙන්න බයයි.. ආයේ ආයේ හිත පෑරේවි කියලා යුන්ගි බය වුණා..

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now