♡ අලුත් දවසක්...

390 80 56
                                    

යුන්ගි හුගක් වෙලා ඇඩුවා.. ඇති කියල හිතෙනකන්ම වගේම හිත යාන්තම් හරි හොදවෙනකන්.. එතකොටත් රෑ මැදියමත් පහුවෙලා පැය කීපයක් වෙන්නැති..යුන්ගිට උවමනා වුනා පැටියව බලන්න.. යුන්ගි හොබීව අවදි නොවෙන්න හිමින් සැරේ දොර ඇරලා එලියට යන්න හැදුවත් යුන්ගි පිරිසිදුවෙලා හිටියෙ නැති නිසා එයා බයවුනා පැටියව අල්ලන්න..ඉතින් යුන්ගි මුලින්ම කලේ නිදන ඇදුමකුත් අරගෙන පිරිසිදු වෙන්න ගිය එක.. මහ පාන්දර යුන්ගි නානව..ඒකත් සීතලම සීතල වතුර..

සීතලේ නෑව වුනත් ඒකෙන් ඇගට දැනුනෙ අමුතුම සනීපයක් යුන්ගිට.. හද එලිය තිබුනු නිසා යුන්ගි කලුවරේම අයෙ ගෙදරට ගියා.. දැන්නම් යුන්ගිට පැටියව අල්ලන්න පුලුවන්..

යුන්ගි හොරෙක් වගේ හිමීට හොබී ඉන්න කාමරේ දොර ඇරල බැලුව හොබී නිදිද කියලා..වාසනාවකට වගේ හොබීට හොදටම නින්ද ගිහිල්ලා තිබුනා පැටියවත් උනුහුමට තුරුලු කරගෙනම.. යුන්ගිට මේ චිත්‍රෙම කොටසක් වෙන්න උවමනා වුනත්.. අද නෙමෙයි වෙන දවසක..

යුන්ගි හොබීගෙ මූනට උඩින් අත එහෙ මෙහෙ කරේ හොබී ඇත්තටම නිදිද කියල බලාගන්න.. හොබී හුරතලේට ගොරවන ගමන් හොදටම නිදි.. යුන්ගි ඇද කොනකින් ඉදගෙන පැටියගෙ ඇග උඩින් තිබුනු හොබීගෙ අත හෙමීහිට අයින් කලා.. යුන්ගි කරපු වැඩෙන් වුනේ හොබීව ලාවට අවදි වුනු එක..යුන්ගිව රත් වුනා.. අවදිවුනොත් මොනාද කියන්නෙ.. යුන්ගි පුරුද්දට හොබීගෙ නනලින් හාදුවක් තිව්වා..ඊටපස්සෙ හොබීගෙ පිටට හිමිහිට තට්ටු කරා..වෙනදට එහෙම කරාම හොබී ආයෙම නිදාගනව.. හොද වෙලාවට හොබී ආයෙම නිදාගත්තා..යුන්ගි ඒ වෙලාවෙම ඉක්මනට පැටියව අතට අරගෙන හොබී ලහින් කොට්ටයක් තිබ්බා..හොබී දැන් පැටිය කියල හිතාගෙන කොට්ටෙ බදාගෙන නිදි..යුන්ගි පැටියගෙ කඩා වැටෙන බෙල්ල ලගින් අතක් තියලා අනිත් අත පිටෙන් තියලා පැටියව එයාගෙ පපුවට තුරුලු කරගත්තා.. පැටියා යුන්ගිගෙ සුවදටම කිට්ටු වෙලා නිදි.. 

හොබී ආයෙම අවදිවෙන්න කලින් යුන්ගි කාමරෙන් එලියට යන්න හැරුනත් හොබීගෙ එහෙ මෙහෙ වුනු පොරවනය ආයෙම බෙල්ල ලගට පොරවලා දොරත් වහගෙන එයාගෙ කාමරේට ගියා..

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now