♡ වේදනාව...

417 83 73
                                    

" ජිමී මට වතුර එකක් ගෙනැල්ල දෙන්නකො.."

හොබී හිටියේ රෝහලේ.. හදිසියෙම හොබීට පුස්තකාලෙට යන්න උවමනා වුනා පොත් කීපයක තියන තොරතුරු වගයක් හොයාගන්න..ජින් ඊයෙ ආපු නිසා හොබීට උවමනා පොත් ගෙනැල්ල දෙන්නම් කීවත් හොබීට උවමනා වුනේ ගෙදරින් එලියට යන්න..ගෙදර ඇතුලටම හිරවෙලා ඉදල දැන් හොබීට ගෙදර දකිද්දිත් මහා හිසරදයක් වගේ..

රෝහලට යන්නම් කියල කිව්වත් මොකද , අඩි කීපයක් ගියාමයි ඒකෙ තියන අමාරුව තේරුම් ගියේ..හොබීට හුගක් මහත ඇගක් තිබුනෙ නැති නිසා උදරය ලොකු වෙද්දි කකුල් වලට ඒ බර දරාගන්න එක ටිකක් මාරු වුනා..ඒ නිසාම හොබීගෙ කකුල් නිතරම ඉදිමිලයි තිබුනේ..කොන්ද වුනත් එකදිගට දවස් ගනන් වේදනා දුන්නා.. 

අන්තිමට කොහොමහරි රෝහලට ගිහින් පුටුවකට බර වුනාට පස්සෙ හොබීට දැනුනෙ පුදුම තරම් මහන්සියක්..ලූනා!!හොබී මේ පාරෙම ඒ දවස්වල කොච්චර දවසකට අවිදින්න ඇත්ද..?දැන් එහෙම බෑනෙ.. 

ජිමී වතුර එකක් ගෙනැල්ල දුන්නට පස්සෙ හොබී ඒක එක හුස්මට බීගෙන ගියා..ඒ තරමට හති..ඊලගට හොබී ආපු වැඩේ කරන්න පටන්ගත්ත නිසා ටික වෙලාවක් කතාකර කර හිටිය ජිමී ආයෙම රෝගීන් බලාගන්න ගියා..ජින්ට කොයිවෙලාවෙත් වැඩ නිසා එයා දිගටම හිටියෙ කුටියේ...ඒත් පුලුවන් හැමවෙලාවකම ජින් හොබී ලගින්ම හිටියා..කුක් ටේ ජුන් වුනත් එහෙමම තමයි..

හොබීගෙ කොන්දෙ ඇවිලුමක් ඊයෙ ඉදන්ම දිගටම තිබුනු නිසා හොබී ඉදගෙන හිටියෙත් ටිකක් අපහසුවෙන්..එක වෙලාවකට ඒ වේදනාව නිසා හොබීට ඇඩෙනවත් එක්කන්..කියාගන්න බැරි තරමටම රිදෙනව..ඒ වෙලාවට හොබී තදින්ම තොල් හපාගෙන ඉන්නව වේදනාව ටිකක් හරි අඩුවෙනකම්.. එච්චරටම වේදනාවක් මේ කාලෙකට හොබී විදලම නැතුව ඇති..

බැරිමතැන හොබී ටිකක් නැගිටල එහෙට මෙහෙට ඇවිද්දා..මේ වෙලාවෙ කවුරුත්ම පුස්තකාලෙ හිටියෙ නැති නිසා ඒක හොබීට ඒක පහසුවක් වුනා..නැත්නම් අනවශ්‍ය අවදානයක් මේ වෙලාවෙ හොබීට හිසරදයක්.. එලියෙ සීතල වුනත් හොබීට දැනුනෙ හොබීගෙ ඇග රස්නෙයි වගේ.. යන්තම් දාඩිය දාල නලලෙ තිබුනු කොන්ඩ කෑලි නලලටම ඇලිල තිබුනා..ඇවිදින එකෙන් ටික වෙලාවකට සහනයක් දැනුනත් හිටගෙන ඉන්න එක කරන්න අමාරු නිසා ආයෙම හොබී ඉදගත්තා.. කොන්දෙ ඇවිලිල්ල හිතුවට වඩා වැඩියි කියලයි හොබීට දැනුනෙ..

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now