♡ වියරු හිනාව...

566 151 65
                                    

'මේ ජින් හියුන් කෝ අර මට පෙන්නනව කිව්ව ඇල්ෆලා.. කොහෙද එයාල ඉන්නෙ..?'

ජින් එක්ක රවුම් මේසෙක ඉඳන් තවත් ඔමේගලා කීපදෙනෙක් එක්ක කතාබහ කර කර හිටිය හොබී ට එකපාර මතක් වෙලා ඇහුවා..

' මොන අයද හොබී..?'

ජින් ට එකපාරට හොබී අදහස් කරේ කවුරු ගැනද කියලා තේරුම් ගියේ නෑ..

' ඇයි අර උල්පත ගාවදි කිව්වේ කන්දට එහා පැත්තෙන් ඉන්න රංචුවක් ගැන.. මට එයාලව දකින්න ආසයි...'

හොබී පැහැදිලි කරා..

' ආආ.. ඉන්න බලන්න.. එයා... ලා.. ම්ම්ම්.. අන්න අතන අර ඉන්නෙ කොනේම මේසෙ.. '

ජින් අත දිගු කරලා හොබී ට පෙන්නුවා..

ඇල්ෆලා ඉන්න පැත්තේ කොනේ අදුරු තැනක ඇල්ෆලා හය දෙනෙක් විතර ඉඳගෙන හිටියා.. බැලූ බැල්මට ගුප්ත පෙනුමක් තිබුණු ඒ කණ්ඩායම කළු ලෝගු වලින් හිස් ආවරණය කරගෙන හිටියේ උත්සවයට නොගැලපෙන විඳියට.. ඒත් කවුරුත් එයාලට මොකුත් කියන්න වත් කතාකරන්න උත්සාහ කරන බවක් වත් පේන්න තිබුනේ නෑ..

හොබී ජින් ට නොදැනෙන්න හිමින් මේසෙන් නැගිටලා ගිහින් ඇල්ෆලා ඉන්න පැත්තේ ඇවිද්දෙ හරියට නිකම් කවුරුහරි හොයනව වගේ බැලූ බැල්මට පේන විඳියට.. කළු ලෝගුවක් ඇඳගත්ත එක ඇල්ෆා කෙනෙක් නැගිටලා එතනින් පහු කරන් යද්දිම හොබී ඒ කෙනාගේ උරහිසේ වැදිලා එහාට තල්ලු වෙන්න යද්දිම ඒ ඇල්ෆා හොබී ව පරිස්සමින් අල්ල ගත්තා.. හොබී ගෙ මූණේ ඇඳුනේ ජයග්‍රාහී හිනාවක්..

' ඔහ්හ්.. මට සමාවෙන්න ඇල්ෆා.. මම දැක්කෙ නෑ..'

හොබී හිස නමන ගමන් කටහඬ බාල කරලා කිව්වා..

' ම්ම්.. ඒකට කමක් නෑ ලස්සන ඔමේගා.. ඔයාගෙ නම දැනගන්න පුළුවන්ද මට..'

ඒ ඇල්ෆා ටිකක් රළු ඒත් හිත් ඇදගන්න කටහඩකින් හොබී ගෙන් ඇහුවා..

' මම.. මම කිම් ජීහු..'

හොබී ටිකක් ලැජ්ජාවෙන් වගේ හිනාවෙලා කොන්ඩ කෑල්ලක් කන පිටිපස්සෙ රඳවන ගමන් බිම බලාගෙන උත්තර දුන්නා..

' අහ්හ්.. ඔයා වගේම ලස්සන නමක්නේ.. මම මින් සේජින්.. හදුනාගැනීම සතුටක්...'

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now