♡ සේ-ජින් ගෙ ගෙදර...

275 90 41
                                    

සති කීපයකට පස්සේ දවසක උදේ වරුවක හොබී හිටියේ කණ්නාඩිය ඉස්සරහ තමන්ගෙ ඇදුමෙ අඩුපාඩු බලන ගමන්.. යුන්ගි එහා රංචුවක‍ට බෙහෙත් කරන්න ගිහින් හිටියා ජින්, ජිමී එක්ක.. ටේ, කුක් එක්ක එයාගෙ ආච්චි බලන්න ගිහින් හිටිය නිසා ගෙදරක හිටිය කෙනෙක්ට හිටියේ ජුන් විතරයි.. ඒත් ජුන් ට තියන වැඩ වලට හිර වුණාම එයාට අනිත් වැඩ වලට යොමු වෙන්න කාළයක් නෑ..

සුදු පාට රෙද්දක අපිළිවෙළ රටා වලට ලා රෝස පාටින් පින්තාරු කරලා තිබුණ හැන්බොක් එකේ කර තද රෝස පාටින් මහලා තිබුණා.. ලා පාට වලට හොබී ඇත්තටම පෙනුණේ මල් පොහොට්ටුවක් වගේ.. ඒ තරම්ම ලස්සනයි.. හුරුබුහුටි පෙනුමයි..

ඇස් වල හුඟක් කැපිලා පේන්නෙ නැති වෙන විඳියට සායම් ගල්වලා හොබී ගෙ ආසම ලා රෝස පාට මුතු වැල කන පිටිපස්සේ රඳවලා හොබී තමන්ගේ අවසාන පෙනුම ගැන සෑහීමකට පත් වුණා.. ලා රෝස පාට අහසක් සිතුවම් කරලා තිබුණා අවාන එක අතක රඳව ගත්ත හොබී කොන්ඩෙත‍් අන්තිම වතාවට හදල පහළට ගියේ ගමනක් යන්න..

• . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . •

හැමදාම එකම තද කළු පාට ඇදුමින්ම ඉන්න සේ-ජින් අද අහසේ තියෙන නිල් පාටට හුරු හැන්බොක් එකක් ඇඳලා හරි කඩවසම් පෙනුමට හිටියා.. හැමදාම පුහුණු වෙන වෙලාවල් වල මඩ තවරාගෙන ගැලපෙන්නෙ නැති විඳියට කොන්ඩේ හදල ඉන්න සේ-ජින් කෙනෙක් තමයි හොබී මෙච්චර කල් දැක්කෙ.. හැබැයි මේ සේ-ජින් නම් කියන්න බැරි තරම් හුඟක් ලස්සනයි..

මිටියාවත පුරා මල් පිපිලා උදේම ඒ සුවඳට සේ-ජින් ගෙ හිත පිරිල ගියා.. උදේට වැටෙන පිනි බින්දු තවම කොළ අග මල් වල රැඳිලා ලා ඉර එළියට දිස්න දුන්නා.. මිටියාවතේ එක පැත්තකින් යායට පිපිලා තිබුණු සූරිය කාන්ත මල් ඉර එළිය දිහාට හැරිලා තමන්ගෙ පෙති හරි ලස්සනට විහිදලා තාලෙට හුළඟේ එහා මෙහා සැලුනා..

මිටියාවත කොනේ සේ-ජින් නිතරම ඉන්න ගහ අයිනේ ඉඳගෙන අහස දිහා බලන් හිටිය සේ-ජින් නිකමට පිටිපස්ස හැරිලා බැලුවෙ ජීහු එනවද කියලා..

මොහොතකින් සේ-ජින් ගෙ මූණේ ඇදුනෙ හරි ලස්සන ආදරණීය හිනාවක්..

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now