♡ ජන්ග්කුක්..!

398 112 36
                                    

පහුවදා රෑ කෑම අරන් ජිමී, කුක්, ටේ සාලේට වෙලා තම තමන්ගේ වැඩකට අවධානය දීගෙන හිටියා... ජිමී, කුක් ටේ ගෙ ඇදුම් කීපයක ඉරුනු තැන් කීපයක් මහන ගමනුත්, ටේ නවකතා පොතක් කියවන ගමනුත්, කුක් ඇඳපු පින්තූරයකට ලී රාමුවක් හදන ගමනුත් හිටියා..

' ජිමී, ටේ මේක කොතැනටද හොඳ..? ගිනි උදුන ළඟ බිත්තියේ හොඳද.? නැත්නම් පඩිපෙළ ළඟද හොඳ..?'

කුක් බාගයක් රාමුව හදල ඉවර පින්තූරය අනිත් දෙන්නට පෙන්නන ගමන් ඇහුවා..

' ගිනි උදුන ළඟ දැනටමත් එකක් තියේ නේ කුක්., අපි ඕක පඩිපෙළ ළඟට දාමු.. එතැන පාළු පාටයි..'

ජිමී මහ මහ හිටිය ඇදුමෙන් නූල් කපන ගමන් කිව්වා..

' ම්ම්.. එහෙම කරමු.. ඒක නෙමේ ජිමී.. මට කියන්න දෙයක් තියේ..'

' මොකක්ද කුක්..? ඇයි..?'

ජිමී මහල ඉවර වුණු ඇදුම් වෙන වෙනම නමන ගමන් ඇහුවා..

' මට හෙට සීය බලන්න යන්න වෙනවා ජිමී.. අද පණිවිඩයක් ආව සීයට සනීප නෑ කියල..'

' අනේ ලූනා.. එහෙමද.. කුක් ඔයා තනියෙමද යන්නෙ.? '

' ඔව් ජිමී.. තනියම ගිහින් එනව.. එක දවසට විතරයි..'

' මමත් එන්නම් කුක්.. අපි දෙන්නම යමුකො..'

ටේ නවකතා පොත වහලා ජිමී ගෙ උකුල උඩින් ඔලුව තියාගන්න ගමන් ඇහුවා..

' බෑ ජිමී තනියම තියලා අපි දෙන්නට යන්න බෑ නේ.. අනික රෝහලේ වැඩ බලා ගන්නෙත් යුන්ගි හියුන්ග්ලයි අපියි නේ.. '

' ඒත් කුක් ජිමී ටයි මටයිත‍් සීය බලන්න එන්න ඕන.. '

ටේ දුක හිතෙන මූණක් හදාගෙන අහද්දී ජිමීටයි කුක්ටයි හිනා ගියා..

' හරි හරි අපි ටික දවසක් ඉඳලා එන්නම යමුකො වෙලාවක.. මම හෙට ගිහින් සීය බලලා එන්නම් අනිද්දා වෙද්දී.. '

' හරි කුක්.. පරිස්සමින් ගිහින් එන්නකො.. හෙට උදෙන්ම යන්න වේවි නේද..? '

' ම්ම්ම්.. ඔව් ටේ ටික දුරක් තියේ නේ..'

' ඔයා නැතුව පාළුයි හනේ.. ඉක්මනට එන්න හොදේ..'

RED JASPER | SOPE | COMPLETEDOnde as histórias ganham vida. Descobre agora