♡ නපුරු යුන්ගි...

317 97 46
                                    

' හහ්.. ඔයා ඔය කියන්නෙ මින් යුන්ගි ගෙ ඔමේගා ගැනද..?'

' අහ්.. මොකක්..?'

' ඒක දන්නෙත් නැද්ද.. මෝඩයෙක් කියන්නෙ නිකන් ද ඉතිං..'

මින්-හෝ ඇස් කරකලා ඈත බලන ගමන් කිව්වා.. ඒත් සේ-ජින් ඉන්නෙ මොකක් විස්වාස කරන්න ද කියලා හිතාගන්න බැරිව..

' මොනවද මින්-හෝ කියවන්නේ.. මින් යුන්ගි කියන්නෙ කිම් ජී-හු ගෙ හියුන්ග්.. '

' මම හිතුවේ හැමදාම ගමට යන එකේ ඒක දන්නව ඇති කියලා.. බලද්දි මන් තරම් වත් දෙයක් දන්නෙ නෑ නේද සේ-ජින් ඔයා..'

' නෑ.. එහෙම නම් මට ජී-හු ඒ ගැන කියනවා..'

' මේ අහගන්නව සේ-ජින්.. තමුන්ගෙ ඔය මවන් ඉන්න හීන ලෝකෙන් එළියට එනව ඉස්සෙල්ලාම..

ඔය කියන ඔමේගා ඉන්නෙ යුන්ගි ගෙ ගෙදර.. එකට.. ආ පොඩ්ඩක් ඉන්න මම හරියටම කියලා දෙන්න තමුන්ට.. '

මින්-හෝ කූඩාරමක් ඇතුලට සේ-ජින් ව ඇදගෙන ගිහින් වාඩි කරවලා ආයේ කතාව පටන් ගත්තා..

' ඔය කියන ඔමේගා ඉන්නෙ අර ජිමී ලා එක්ක.. මම විවාහ උත්සවය දවසෙත් දැක්ක ඒ අය එක්ක ඉන්නෙ එයා..

අනිත් එක නායක මින් ගෙ ගෙදර නවත්තන්න පුළුවන් නේද ඥාති ඔමේගා කෙනෙක් නම්.. නැත්නම් හරම තනියම ඔමේගා කෙනෙක් තරුණ ඇල්ෆා කෙනෙක් එක්ක තියන්න කව්ද උනන්දු වෙන්නෙ..?

අනිත් එක පොඩ්ඩක් බලනව ඇල්ෆා යුන්ගි තමන්ගේ අය්යා මල්ලී ගැනවත් ඔහොම හොයලා බලන්නෙ නෑ.. ඔය ඔමේගා හරියට පරිස්සම් කරනවා යුන්ගි..

අනික අච්චර මුකුළු කර කර යන්න ඕනෙද හියුන්ග් නම්-..'

' ඇති මින්-හෝ කරුණාකරලා ඕක නවත්තන්න.. අහ්.. ඔයා මගේ ඔලුව කැක්කුම තවත් වැඩි කරන එක ඔය කරන්නෙ.. '

සේ-ජින් බලාපොරොත්තු කඩ වුණු හඬින් කොන්ඩේ ඇදගන්න ගමන් කතා කරේ ඇත්තෙන්ම අද දවස මෙච්චර හිසරදයක් විඳියට පටන් ගන්න කොහොමවත් තමුන් බලාපොරොත්තු නොවුණු නිසා..

' නෑ නෑ.. මට ඕන තමුන් ඔය හිතන් ඉන්න දේවල් තේරුම් කරල දෙන්න.. ඒක නිසා අමාරුවෙන් හරි අහගෙන ඉන්නව මෝඩය..'

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now