හොබී උදේ තනියම රෝහලේ වැඩ බලාගන්න පොරොන්දු වුණේ කුක් තවම ගමට ඇවිත් නැති නිසා.. ඉතින් උදේම අවදි වෙලා ලැහැස්ති වෙලා හොබී රෝහලට යන්න පිටත් වුණා.. රෝහල කට්ටු වෙද්දී උදේ මීදුම අතරින් හොබී දැක්කේ කෙනෙක් තමන් වෙනුවෙන් බලන් ඉන්න බවක්.. හරියට රූපය පැහැදිලි නැති නිසා හොබී විශේෂයක් නොකර ළඟට යද්දී දැක්කෙ ඒ වෙන කවුරුත් නෙමේ සේ-ජින් බව.. ටිකකින් හොබී ගෙ මූණේ ඇදුනෙ හිනාවක්..
' සුබ උදෑසනක් සේ-ජින්.. මම ඈතට දැක්කෙ නෑ ඔයා කියලා, සමාවෙන්න..'
හොබී හිස නවන ගමන් කතා කරා..
' ආහ්.. ඒකට කමක් නෑ ජීහු.. සුබ උදෑසනක්.. රෝහලට යන ගමන් ද..?'
' ඔව් සේ-ජින්.. මම හිතුවෙ නෑ මෙච්චර ඉක්මනින් හමු වේවි කියලා..'
' මමත් ජීහු.. ඉතින් ඔයාට පරක්කු වෙන්නෙ නැත්නම් අපි ටිකක් කතා කරමුද..? '
' ඔව්.. අනිවාර්යයෙන්ම.. යමුද ඇතුලට...'
' කමක්--'
'නෑ නෑ ප්‍රශ්නයක් නෑ.. මම විතරයි අද වැඩට ආවේ.. '
' ස්තූතියි ජී-හු.. '
හොබී සේ-ජින් එක්ක රෝහල ඇතුළට ගියා.. මොකද හදිස්සියේ එළියේ අදුරන කවුරුවත් හමු වුණොත් ප්‍රශ්නයක් වේවි කියලා හිතුනු නිසා..
සේ-ජින් ට එක්ක විවේක ගන්න කුටියට ගිය හොබී පැත්තක තිබුණු ඇදුම් රඳවනයක එල්ලලා තිබුණු කබාය අරන් සීතල ට ඇඳපු ඇදුම අයින් කරලා සුදු පාට කබාය ඇඳ ගත්තා..
සේ-ජින් හොබී ගෙ හැම හැසිරීමක් දිහාම බලාගෙන හිටියේ බොහොම කැමැත්තෙන්.. බීටා හෙදියක් ගෙනැත් පසෙකින් තියපු තේ පෝච්චිය අරන් හොබී උණුසුමට තේ කෝප්ප දෙකක් හදාගෙන ඇවිත් සේ-ජින් ට පිළි ගන්වන්න වුණා..
' ස්තූතියි ජී-හු.. ඉතින් මේ දවස්වල මොකද කරන්නෙ..'
හොබී ත‍් සේ-ජින් ලඟින් ඉඳගෙන කතාබහ කරන්න පටන් ගත්තා..
' රෝහලේ වැඩ ඇරෙන්න විශේෂ දෙයක් නෑ සේ-ජින්.. ඔයාට කොහොමද..'
හොබී ලස්සනට හිනා වෙන ගමන් කතා කරා..
ČTEŠ
RED JASPER | SOPE | COMPLETED
Fanfikce"ඔයා තව ටිකකින් ගෙදර ආවම මට පුලුවන් ඔයාට ඉක්මනින් තුරුල් වෙන්න.. සමහරවිට එතකොට ඔයා මාව ඈත් කරයි ඔයා තෙමිලා ඉන්න නිසා මාවත් තෙමෙයි කියලා.. ඒත් මම දිගටම ආයෙ ඔයා ලගටම ඒවි.. ඔයාට මහන්සි වුනත් ඔයා මාව ලගට අරගෙන මගේ කොන්ඩෙ අවුල් කරයි.. ඊට පස්සෙ මාව සිපගනි...