♡ සිහිය...

269 79 26
                                    

වෙහෙසකර දවස් කීපයකට පස්සේ හොබීට දැනුනේ තනිකරම ඔලුව පැලෙන්න තරමේ වේදනාවක් එක්ක හිස් හැගිම් ගොඩක් විතරයි.. බර ගතියකින් පිරුණු ඇස් කීප වතාවක්ම විවර කරගන්න දරපු හැම උත්සාහයක්ම  ආයේ ආයේ තමන්ව නින්දට පොළඹවන නිසාත‍්  සැරින් සැරේ තිත්ත දෙයක් උගුරෙන් පහළට දැනෙන නිසාත් හොබී හිටියේ කිසි පණක් නැති ගානකට මලානිකව..

ඒත් ජිමී හොබී ට දෙන නිදි බෙහෙත් විසි කරපු නිසා එදා දවසේ හොබී නින්දට වැටුණේ නෑ.. ඇගට පණ නැති ගතියක් මිසක අවදි වෙන්න අපහසු තරමේ මුකුත් නොතිබුණු නිසා යාන්තම් පහුවදා වෙද්දී හොබී ඇස් ඇරියා.. නපුරු හීනයක් දැකපු තරමේ මතකයක් හිතේ හොල්මන් කරත් හොබී ගෙ මතකයට  ආවේ යුන්ගිව.. හදිසියේම හොබී ට හිතුනේ යුන්ගි තමන් වෙනුවෙන් බලන් ඈති කියලයි.. ඒත් හොබී ගෙ කණට අහු වුණේ නම් ජිමී ගෙ සිනිදු කටහඩ විතරයි..

" ටේ එන්නකො ඉක්මනට.. එයාට සිහිය එනව මම හිතන්නෙ.."

" ජිමී කලබල කරන්න එපා හරි ද...? "

" හරි ඇල්ෆා.. කෝකටත් ඔයා මෙතැනින් ඉන්න මට බයයි.."

තුනී පටලයක් වගේ බැඳිලා තියන ඇස් වලින් ලාවට හොබී ට පෙනුනේ ටේ ගෙ මූණ.. හුස්මක් පහළට දාපු හොබී ඇස් වලට දැනෙන වෙහෙස නිසා ආයේ ඇස් පියා ගත්තෙ ඉර එළියට ඇස් හුරු කරගන්න අමාරු.. හොබී ඇස් පියන්ම කතාකරන්න උත්සාහ කරා..

" ටේ.. ක්.. කොහෙද.. ඇ.. "

බැරෑඩි වුණු හඬත් එක්කම හොබී කතාව නැවැත්තුවේ ඔක්කාරයට ආපු නිසා.. ඇග ඇතුලෙන් එන අප්පිරියාව එක්කම හිස කැක්කුම දරුණුවට දැනෙන්න ගනිද්දී හොබී ටේ ගෙ උරයට අත තියල ඔලුව කෙලින් කරගන්න නිශ්ඵල උත්සාහයක යෙදුනා.. කාරණාව තේරුම් ගත්තු ජිමී ඉක්මනින් හොබී ගෙ පිටට අත තියල හොබී ව ඇඳේ කෙලින් කරා..

" හොබී.. ඔයාට මොනවාහරි ඕනද..?"

ටේ ඇහුවේ කෙලින් ඉන්නත් පණ නැති හොබී එයාගෙ පපුවට තුරුලු කරගන්න ගමන්.. ඒ අතරේ ජිමී හිත ඇතුලෙන් ඉල්ලන්න ගත්තෙ යුන්ගි  ඇරෙන්න ඕනම දෙයක් ඉල්ලන්න එයා ගෙනැත් දෙන්නම් කියලයි..

" ටේ ම-මට වතුර-..."

කිව්ව සැනින්ම වගේ ජිමී මේසෙ උඩ තිබුණු වතුර විදුරුව හොබී ගෙ තොල් වලට ලං කරා..

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now