♡ හියුන්ග්ලගෙන් කරදරේ...

283 78 40
                                    

රෑ කෑම වෙලාව කිට්ටු කරලා හොබී අවදි වුණාම කුක් ගෙ සීය හොබී ව අදුන ගත්තා.. කුක් ගෙ සීයත‍් සිත් ගන්නා සුළු චරිතයක් නිසා හොබී ට එයාව හොඳට අල්ලලා හිටියා..

ඊළඟට තමයි හොබී කල්පනා කරේ මේ ගොල්ලන්ගෙන් බේරිලා ගෙදරට පැන ගන්නෙ කොහොමද කියලා.. දැනට තියන තත්වේ එක්ක නම් හොබී ට තේරුණේ ගෙදරින් එලියට අඩියක් නෙමේ ඉස්සරහ දොර ලඟට වත් යන්න වෙන්නේ නැති බව..

ඔන්න ඔහොම දිගට දිගට කල්පනා කර කර ඉද්දි තමයි හොබී ගෙ හිතට අදහසක් ආවේ ගෙදරින් පැන ගන්න.. ඒ සැනින්ම හොබී දුක හිතෙන අමුතු හුරතල් මූණක් මවාගෙන හිමින් හිමින් ජින් ළඟට ගියා..

ජින් ගෙ ළඟට යන ටිකට වත් නෙමේ ටේ නම් හොබී ලඟින් හෙළවුණේ.. ටේ ගෙ අලුත් රාජකාරිය තමයී හොබී දිහා එකදිගට බලන් ඉන්න එක.. හේතුවක් නෑ.. දිගටම ඔහේ බලාගෙන ඉන්නවා.. ඇහුවම කියන්නෙ මොකුත් නෑ කියලා..

(මන්දා ලමයි ටේ පොඩ්ඩක් දන්නැද්ද ඉතින්🙂 කුතුහලේ නේ..)

" ටේ ඔයා කොහේද එන්නෙ.."

හොබී ටේ ගෙ බැල්ම දරාගන්න බැරි තැන කතා කරා..

" ඔයා කොහෙද යන්නෙ.."

" ජින් හියුන්ග් ළඟට ඉතින්.."

" ආ යමු.."

ටේ හරි ලොකුකමට වගේ හොබී ගෙ අතක් අරගෙන එයාගෙ අතක් වටේ පටල ගත්තා..

" මේ කොහෙද යන්නෙ.. යා.. ටේ මම ගිහින් හියුන්ග් ව හම්බවෙන්නම් ඔයා ඉන්න මෙතැන.."

" කව්ද දන්නෙ ඔයා හදිස්සියේ වැටුණොත්.. හපොයි බෑ බෑ.. යනවනම් මමත් එනවා.. හහ්.."

" ටේ ඔයා හොඳම හොඳයි නේද.. "

හොබී අහිංසක විඳියට ඇහුවා..

" නැතුව.."

" එකනේ හොඳ ලමයා වගෙ මෙතැන ඉන්න.. මම හියුන්ග් හම්බවෙලා එන්නම් හා නේ.. "

" නෑ මමත් එනවා.. ඔයාට ඇවිදින්න හොඳ නෑ.. "

ටේ වැඩිහිටියෙක් වගේ මූණක් මවාගෙන හොබී ගෙ පැතලි බඩ දිහා බලාගෙන කිව්වා..

හොබී ට බේරුමක් නැති තැනම ටේ වත් ඇදගෙනම ජින් ළඟට ගියේ අහසට පොළොවට රව රව..

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now