♡ හිම පියලි...

312 76 36
                                    

කාළය ගෙවුනේ හුළඟක් හමන තරම් ඉක්මනින්.. සීත කාලේ ළඟම එන නිසා හොබී ට රෝහලට නොගිහින් ගෙදර නවතින්න වුණා.. සීතලට අසනීප වෙන්න පුළුවන් නිසා.. ජින් ගෙ විවාහයට පස්සේ නම්-ජුන් ගෙ ගෙදර නවතින්න ආරාධනාවක් ලැබුනේ මේ අතරෙදි.. ජින් නිතරම අනිත් අය ගැන හොයලා බැලුවත් එයා ගැන හැමතිස්සෙම අමතක කරගන්න නිසා විවාහයෙන් පස්සේ අඩුම තරමේ නම්-ජුන් ගෙ පවුලේ අය බලන්න යන්නවත් මතක් වුණේ නෑ.. ඇරත් රෝහලේ වැඩ එක්‌කම කාර්යබහුල නිසා හොඳ විවේකයක් තිබුනෙත් නෑ.. හොබී ට ලොකු වරදකාරී හැගීමක් ඇති වුණේ ජින් තමන් ළඟ දිගින් දිගටම නතර වෙලා උදවු කරන එක ගැන.. ඒ නිසාම හොබී මේ වතාවේ කියලා කියලා කොහොමහරි ජින් ව නම්-ජුන් ගෙ ගෙදර නවතින්න යන ගමනට කැමැති කරගත්තා..

ජින් නැති දවස් ටිකට අනිත් වැඩ හැම එකක්ම බලාගන්න වුණේ ජිමීට යි එයාගෙ ඇල්ෆලා දෙන්නටයි..

සති කීපයකින් ලැබෙන්න ඉන්න හොබීගෙ දරුවා නිසා හොබී හිටියේ අපහසුවෙන්.. හුගාක් ලෙඩ පාටට.. ඇරත් හොබී ට අනිත් අය ඉස්සරහ තමන් සතුටින් ඉන්නවා කියලා රඟපාලා හොඳටම වෙහෙස වෙලා හිටියේ.. ඉතින් මේ තනි වුණ වෙලාව හොබී ට හොඳ විවේකයක් වුණා..

ගිනි උදුන ළඟ පුටුවකට බර වෙලා ගෙතුමකට අවධානෙ දීගෙන හිටිය හොබී ඇත්තටම හිටියේ පරණ මතක හුඟක් එක්කන් තනි වෙලා.. හොබී ට අනිත් හැමෝම කොච්චර කිව්වත් 'හැමදේම හොඳින් වේවි' කියලා හිත ඇතුලේ මහා දුකක් තිබුණා කිසි දේක හොඳක් නොතිබුණු නිසා..

' එයාලට කියන්න ලේසියි'

හොබී හිතින්ම හුස්මක් අරගෙන පිට කරන ගමන් හිතුවා.. හොබී පහුගිය කාලේ පුරාවට හුඟක් උත්සාහ කරා යුන්ගි වෙනුවෙන් බලන් ඉන්නේ නැතුව ඉන්න.. ඒ ගැන බලාපොරොත්තු අතාරින්න.. මොකද බලාපොරොත්තු තියාගන්න තරමටම හොබී විඳවන එක වැඩි නිසා.. ඒත් හිතේ තිබුණු' හැම වරදක් ම මගේ ' කියන දේ නම් මොහොතකටවත් මැකුණෙ නෑ..

කාළය එක්කම හොබී ගෙ හැගිම් හිත ඇතුලේ අප්‍රාණික වෙලා වගේ හොබී ට දැනෙන්න පටන් අරගෙන තිබුණා.. හොබී ගෙ ජිවිතේ නියම සීත කාලය පටන් අරන් දැන් හුඟක් කල් වුණා.
උණුසුමක අඩුපාඩුව දැනෙන හැම මොහොතකම හොබී ට දැනුනේ තමන් කොළ හැළුණු ගස් තියන, දරන්න බැරි සීතල කාලෙක එක දිගට හිර වෙලා ඉන්න හැගීමක්..

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now