♡ සැකය...

359 120 31
                                    

ටේ කොච්චර උත්සාහ කළත් උදේ තමන් දැක්ක දේවල් සාමාන්‍ය දෙයක් බවට පිළිගන්න බැරි වුණා.. මොකද කියනවනම්,

හොබී හොඳින්ම දැනගෙන හිටියා කඳුවැටිය එහා පැත්තෙ රංචුව එක්ක එයාල ගනුදෙනු තියාගන්නේ නැති වග..

ටේ ගෙ ඇස් වලට මැවී පෙනුනේ සේජින් හොබී ගෙ දෙඅත් සිප ගත්ත හැටි වගේම එයාල ආදරෙන් කතා බහ කරපු හැටි.. ඒ රැලේ ඉන්න අය නිතර වෙනත් රැළවල් එක්ක තියාගෙන හිටිය සම්බන්ධතා එච්චර හොඳ ඒවා නොවුණා.. අනුන්ගේ දේවල් පැහැර ගෙන සතුටු වෙන, ලේ වලට ආස කරන දරුණු රංචුවක නායකයාගේ පුතා හොබී ඉස්සරහ විතරක් එච්චරම ආදරණීය වුණේ කොහොමද කියලා ටේ ගෙ හිතට වද දුන්නා.. ඒ එක්කම අකුණක් ගහන්න වගේ ඔලුවට ආවේ වෙනස්ම අදහසක්..,

ඒ ඉන්නෙ හොබීගෙ සහකාරයාද..?

තමන්ගේ ඔලුවේ වැඩ කරන ප්‍රශ්න අවුල් ජාලයක් වේගෙන එද්දි ටේ බය වුණේ හොබී යුන්ගි එක්ක මොන විඳියේ සෙල්ලමක් කරනවද කියල හිතන්න පටන් ගන්නකොට..

ඒත් දැනටමත් හොබී බොහෝ භයානක සෙල්ලමක් යුන්ගි එක්ක පටන් අරන් තිබුණා..

හරියටම කිව්වොත් යුන්ගි ගෙ විශ්වාසය, ආදරය එක්ක සෙල්ලමක්..

ටේ හිතට තදින් අවවාද කරගත්තා මේ ගැන ජින් එක්ක, ජුන් එක්ක කියනව කියල.., මොකද ප්‍රශ්න වලදී ඒ දෙන්නා තරම් හොඳින් පිළිතුරු හොයන අය නැති නිසා..

━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━

ටේ එක්ක ඉවර කර යුතු වැඩ ඉවර කරලා හවස් වෙන්න කලින් හොබී ට ගෙදර යන්න පුලුවන් වුණා.. ඒත් හොබී හිතේ අමාරුවෙන් හිටියේ ටේ වෙනදා වගේ තමන් එක්ක විනෝදෙන් හිටිය නැති එක ගැන.. මොකද ටේ කියන්නේ නිතර හොබී එක්ක රැදෙන චරිතයක් නිසා..

බැරිවෙලාවත් සේජින් තමන් එක්ක රෝහලට ආපු බව දැනගෙන ද කියලා බයකුත් තිබුණේ නැතුව නෙමේ.. කල්පනාවේ පාර දිගේ ඇවිදන් ආපු හොබී ටේ කතාකර නිසා නැවතුනා..

' එහෙනම් හොබී මම යන්නම් ඔයත් පරිස්සමින් යන්න හියුන්ග් බලන් ඇති..'

' හරි ටේ.. ඔයත් පරිස්සමින්..'

ටේ එහෙම කියලා ගෙදර තියන පාරට හැරිලත‍් ආයේ හොබී ගෙ අතින් අල්ලලා නතර කලා..

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now