♡ නිල් ඇස්...

317 95 24
                                    

නොදැනීම වුණත් ඒ ගෙවීගෙන ගියේ වසන්ත කාළය පටන්ගෙන පලවෙනි සතිය.. වෙහෙසකර සීත කාලය ගෙවුණු බව පෙන්නන්න වගේ තැනින් තැන හිම දියවෙලා හැදුණු මඩ වලවල් වගේම කොළ හැළුණු ගස් වල තවමත් හිම තට්ටු රැඳිලා තිබුණා..

ඒ ගෙවුණු කාළය අතරතුර හුඟක් වෙනස්‌කම් සිදු වුණා.. යුන්ගි හොබී අතර තිබුණු බැදීම වෙනදාට වඩා ලස්සන එකක් වුණා.. යුන්ගි හුඟක් සතුටු වුණා තමන්ගේ ඔමේගා ගෙ ඉක්මන් වෙනස්වීම ගැන.. ඒ වගේම හොබී ට යුන්ගි ගැන ඇති වුණේ හුඟක්ම ආත්මාර්ථකාමී හැගිම් ගොඩක්.. යුන්ගි මුලදී හොබී ගැන හිතලා දුක් වුණේ හොබී තමන්ව විශ්වාස නොකරනව වෙන්නැති කියල වුණත් ඔවුන් අතර වුණු හුඟක් දේවල් නිසා ඒ සිතුවිලි බැහැර කරන්න යුන්ගි තිරණය කරා..

හොබී රෝහලට යන සමහර දවස්වල සේ-ජින් හමුවුණා.. ඒ නිසා හොබී නිතර ගැවසුණේ ටේ, කුක්, ජිමී එක්ක.. යුන්ගි ට රෝගීන් බලන්න වෙන්නෙ ජින් එක්ක නිසා, යුන්ගි හොබී දෙන්න එකට වැඩ කර දවස් තිබුණේ නෑ හුඟක් වෙලාවට.. ඒත් ඒ සීත කාළයේ..

දැන් ආයෙත් හැමෝම පුරුදු විඳියට හැමදාම රෝහලේ වැඩ කටයුතු බලාගන්න ඕන මොකද සාමාන්‍ය දවස් ගත වෙන නිසා.. ඒ කියන්නෙ හැමෝම ආයේ කාර්යබහුල වෙනවා කියන එක.. ජින් ට නම් සීත කාලේ හොඳ විවේකයක් ලැබුණේ, සීත කාළයට කලින් ඕනෑවටත් වඩා වැඩ කරලා බොහොම වෙහෙස වෙලා හිටිය නිසා..

හොබී සේ-ජින් හමුවෙන බව තවදුරටත් දැනගෙන හිටියේ කුක් විතරයි.. සමහර දවසකට හොබී සේ-ජින් එක්ක කතා කරද්දි කුක් ඈත ඉඳන් වුණත් බලන් හිටියා.. ඒ බව හොබී දැනගෙන හිටියා.. කුක් නිතරම බය වුණේ හොබී මොන දේ කරත් තමන්ගේ අම්මට වුණු දේවල් හොබී වුණත් වෙන්න පුළුවන් කියලා හිතට නිතර කරදරකාරී හැගිම් දැනුනු නිසා..

සේජින් තුන් හතර වතාවකට වඩා තමන්ගෙ යෝජනාව ආයේ ආයේ හොබී ට ඉදිරිපත් කරත් හොබී කරේ හිනාවෙන එක, නැත්නම් ප්‍රශ්නෙ මගහරින එක.. හොබී මොනදේ කරත් සේ-ජින් ගෙ හිත නම් පොඩ්ඩක්වත් හොබී ගෙන් දුරට ගියේ නැති බව තමයි පෙනුණේ..

සේ-ජින් බොහොම වුවමනාවෙන් හිටියේ සීත කාලේ ගෙවිලා යනකම්.. මොකද හොබී පොරොන්දු වෙලා තිබුණා තමන් එක්ක ඇවිදින්න යන්න දවසක්ම.. ඒත් ඉතින් තවම මිටියාවත ලස්සන වෙලා තිබුණේ නෑ.. මල් පිපෙන්නම තව සති කීපයක් ගෙවන්න වෙනවා..

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now