♡ කොන්දේසි...

355 73 60
                                    


යුන්ගි කෑම හදන ගමනුත් කල්පනා කලේ හොබී ගැන.. කොහොමහරි අන්තිමේදි හොබී යුන්ගි එක්ක හැමදේම ගැන කියපු එකටනම් යුන්ගිට පොඩි හරි සහනයක් ගෙනාවා..ඒත්.. හොබීගෙ අසනීපෙට කරන්න පුලුවන් දෙයක් ගැන අදහසක් තවටත් යුන්ගිගෙ හිතට ඇවිත් තිබුනෙ නැ.. කොහොමහරි යුන්ගි ලගදි හොබී යන්තම් හරි පාලනයක් ඇතුව ඉන්නව කියල විතරමයි යුන්ගි දැනන් හිටියෙ.. ඒ ප්‍රශ්නෙ විතරනම් යුන්ගිට තව කමක් නෑ.. හොබී දැන් ඉන්න තත්වෙ එක්ක.. ඇත්තටම යුන්ගි පෙන්නුවෙ නැතිවුනත් එයාට කල්පනා කරන්න,හිතන්න දේවල් නම් දාහක් තිබුනා..

" අප්..පා.."

යුන්ගි කල්පනාවෙන් මිදුනේ චෝහි යුන්ගිගෙ හැන්බොක් එකේ කොනක එල්ලුනු නිසා..

" චෝහි බබා.. ??"

යුන්ගි චෝහිව උස්සලා කැම හදන තැනට ලගින්ම වාඩිකරව ගත්තා..

" අප්පා... ඔම්මා..??"

චෝහි උදේ ඉදන්ම හොබීව දැකපු නැති නිසා යුන්ගිගෙන් එයාගෙ ඔම්මා ගැන ඇහුවා.. හොබී උදේ වරුවම බෙහෙත් බීලා දිගටම නිදාගෙන හිටිය නිසා යුන්ගි කැමති වුනේ නෑ හොබීව අවදි කරවන්න..අඩුම තරමෙ උදේ ජින් ආපු වෙලාවෙවත් යුන්ගි හොබීව අවදි කලේ නෑ..

" ඔම්මා තව ටිකකින් ඒවි බබා.. එතකන් චෝහි බබා අප්පට උදවු කරනවද..?"

යුන්ගි චෝහිගෙ කම්මුලට හාදුවක් තවරන ගමන් කිව්වා..ඒකෙන් චෝහිට කිතිකැවෙන නිසා චෝහි හරිම හුරතල් විදියට හිනාවුනා..

" දේ අප්පා.."

යුන්ගි චෝහි ලගින් කැරට් තිබුනු කූඩෙ තිව්වා.. චෝහි ඒකෙ තිබුනු කැරට් එක්ක සෙල්ලම් කරන්න ගත්තු නිසා යුන්ගි ඉතුරු කෑම ටිකත් ඉක්මනින් හැදුවා.. චෝහි හුගක් දග වුනත් ඒ දවස්වල නම් ලොකුවට දගලන්නෙ නැති නිසා යුන්ගිට ඒක ලේසි වුනා.. අනික ටේ ජිමී කුක් නිතරම චෝහිව එක්කන් එයාලගෙ ගෙදර ‍යන නිසාත් යුන්ගිට හොබී එක්ක ඉන්න වෙලාව වෙන් කරගන්න ලේසි වුනා.. 

අන්තිමේදි යුන්ගි කෑම එකත් අරන් උඩට යද්දි හොබී අවදිවෙලා හිටියා.. හොබී අවදි වෙලා අවුල් වුනු ඇදත් හදලා ඇදුනුත් මාරු කරලා පහලට එන්න හදද්දිම වගේ තමයි යුන්ගි කාමරේට ආවෙ..

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now