♡ නිර්නාමික උදවු...

351 116 45
                                    

' සුබ උදෑසනක් හියුන්ග්.. ජුන් හියුන්ග් නැද්ද..?'

ටේ පහුවදා උදේ ජින් හමුවෙන්න ගියේ ජිමී, කුක් රෝහලට පිටත් වුණාට පස්සෙ..

' ආආ.. ටේ එන්න එන්න ජුන් ඉන්නව ඇතුලේ..'

ජින් ටේ ගෙදරට පිළි අරගෙන කුස්සියට ගිය අතරතුර ජුන් පඩිපෙළ බැහැගෙන පහළට ආවා..

' අර දෙන්න ගියාද ටේ.. අද හවසට හොබී එනව කිව්වා මේ පැත්තේ.. '

' හ්ම්.. එහෙමද ජුන් හියුන්ග්.. මම මේ පොඩි දෙයක් ගැන කියන්න ආවෙ..'

ටේ කතාව කියන්න ගන්නකොට ජින් කෝපි බන්දේසිය අරන් ඇවිත් ඒ ලඟින් ඉඳ ගත්තා..

' මොකක්ද ටේ ප්‍රශ්නෙ..?'

' හියුන්ග් ට මතකද කායි හියුන්ග් ගෙ විවාහ උත්සවය දවසේ එහා රංචුවෙ ඇල්ෆලා ඇවිත් හිටියා.. අර මම කිව්වෙ.. '

' හරි හරි කිව්වනම් තමයි.. ඉතින්..? '

' ඉතින් කියන්නෙ හියුන්ග් ඊයේ මම උදෙන් රෝහලට ගියා පොඩි වැඩ ටිකකට.. හොබී ත‍් දවල් වෙලා එන නිසා මම ඉස්සරහට වෙලා බලන් හිටියා එයා එනකම්.. ඒත් හොබී පරක්කු නිසා මම පාරට ඇවිල්ලත් බලන් හිටියා..ටික වෙලාවක් යද්දි හොබී ඈත එනව පෙනුන.. ඒත් තනියම නෙමේ.. මීදුම නිසා ඈත මොකුත් පේන්නේ නැති හින්දා මම හිතුවේ යුන්ගි හියුන්ග් කියලා.. ඒත් ඇත්තටම එතැන හිටියේ යුන්ගි හියුන්ග් නෙමේ.. සේජින්.. '

' ක්-කව්රු කිව්ව සේජින්..? එහෙම වෙන්නෙ කොහොමද..? එයාලා අදුරන්නෙ..! ආහ්.. '

' ඉන්නකො හියුන්ග්.. හියුන්ග් ට මතකද එදා උත්සවය දවසේ හොබී එකපාරටම හිටි තැනින් අතුරුදන් වුණානේ.. ඊටපස්සේ අපි ගියේ හොයන්න.. එදා කොහොමහරි හොබී හිටියේ සේජින් එක්ක.. අපි හිතුවේ හොබී එයා ගැන නොදන්නවා කියලා..,
හරි එදාට දන්නෙ නැති නිසා අතහැරිය කියමු.. ඒත් ඊයේ කොහොමද ආයේ හොබී එයා එක්ක ආවෙ.. '

' එකනේ ටේ මටත් එකපාරටම හිතාගන්න අමාරුයි.. '

ජින් අනතුරක‍ සේයාවක් ඉව වැටුණු නිසා කතාවට උනන්දු වුණා..

' ඉතින් හියුන්ග් ඔයා දන්නවනෙ සේජින් ගෙ හැටි.. එදා කුක් එක්ක රණ්ඩුවට ආවේ ඇඟේ වැදුන කියලා.. ඒත් මම ඊයේ දැකපු සේජින් හුඟක් වෙනස්.. හරි ආදරෙන් හොබී එක්ක කතාකරේ.. හොබී ත‍් හරිම කැමැත්තෙන් එයා එක්ක කතා කර කර හිටියේ..අන්තිමට හොබී ගෙ අතත‍් ඉඹලා ගියේ..'

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now