♡ අමිහිරි මතක...

316 77 40
                                    

පහුවදා උදේ පාන්දර ඉඳලම ජින් ගෙ ගෙදර තිබුණෙ පුදුමාකාර නිහැඬියාවක්.. ජින් හොබී ඉන්න කාමරේට ගිහින් දොර වහ ගත්ත ගමන් පැය තුන හතරක් වෙනකම්ම එළියට ආපු නැති නිසා ටේ පුටුවක් උඩට වෙලා නිදි කිර කිරා හිටියේ කොයි වෙලේ හරි ජින් හියුන්ග් එළියට ඒවි කියලා...

ජිමී කුක් ව ගෙදර තියලා තනියම ආවේ ජින් ට උදවු කරන්න හිතාගෙන.. ඒත් ජින් කාටවත් ඇතුලට එන්න එපා කියපු නිසා ජිමී හිමින් සීරුවේ පහුවදා යකා නටපු ගෙදර පිලිවෙලට අස් කරන්න හිතාගෙන උඩ තට්ටුවට ගියේ ජුන් දැනටමත් කෑම හදන්නම් කියපු නිසා.. ජිමී ගෙ එකම බලාපොරොත්තුව වුණේ හොබී අවදි වෙන එක.. නොකියාම ගිය හියුන්ග් ගැන හිතන කොට පවා ජිමී ගෙ ලාමක හිත නොසෑහෙන්න රිදුම් දුන්නා..

ජින් කාමර ඇතුලේ අහස පොළව ගැටලන්න කල්පනාවක හිටියේ කරන්න දෙයක් හිතාගන්න බැරිව.. ඇත්තටම ජින් ට හොබී වෙනුවෙන් කරන්න ප්‍රතිකාරයක් තිබුණේ නෑ.. එක්කෝ යුන්ගි මේ වෙලාවේ හොබී එක්ක ඉන්න ඕන.. නැත්නම් වෙන විඳියක් ගැන හිතන්න ඕන... නැති යුන්ගි කෙනෙක් වෙනුවෙන් බලන් ඉන්නව වෙනුවට ජින් හිතාගත්තා ගමනක් ගිහින් එන්න.. උදවු ගන්න පුළුවන් කෙනෙක් දන්න තරමින් දුර හිටියා.. ඒත් ඒක තනියම කරන්නා පුළුවන් දෙයක් නොවුන නිසා ජින් හොබී ව තෙමාපූ කපු රෙදි කෑල්ලක් අරගෙන පිරිසිදු කරලා පහසු ඇදුමකට මාරු කරලා නළල උඩින් එලලා තිබුණු බෙහෙත් වතුර පොඟවාපු රෙදි කෑල්ලත‍් අරගෙන එලියට ගියේ හොබී ගැන අනික් අයට කියන්න...

හොඳ හුස්මක් අරගෙන ජින් කාමරේ එළියට යද්දී දැනුනෙ කුස්සිය පැත්තෙන් එන සුවඳක්... ජින් ට හරිහැටි කෑමක් බීමක් ගන්න ඕන කියලාත් මතක් වුණේ ඒ වෙලාවේ.. බිම හොඳහැටි මැදලා පිරිසිදු කරලා තිබුණු නිසා කලින් තිබුණු විකාර පෙනුම ගෙදරින් ඈත් වෙලා පිළිවෙලක් පෙනුනේ එකෙන් හිතට යම්තාක් සහනයක් දැනුන නිසා.. හිත කම්මලක් වෙලා ඇහැට දකින දෙත් කම්මලක් වගේ වුණාම ඒක මහ හිසරදයක් කියලයි ජින් හිතුවේ.. කැපුම් තුවාල තියන කකුලත‍් අද්ද අද්දා ජින් කුස්සියට යද්දී ටේ නැගිටලා ජුන් ට උදවු කරන ගමන් හිටියේ උදේ කෑම මේසෙට තියන්න.. ජිමී ත‍් පැත්තකින් පුටුවකට බර වෙලා කොහේදෝ ඈතක් බලාගෙන හිටියා...

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now