" ජිමී පොඩ්ඩක් බලන්නකො කවුද ඇවිල්ල ඉන්නෙ කියලා මම කුස්සියේ..."
ටික දවසකින් විවේකයක් හමුවුන නිසා ජින් දවල් වරුව හිටියෙ ගෙදර කෑමක් හදන ගමන්..එයාගෙ අදහස වුනේ හවසට හොබීව බලන්න යන්න.. ඒකම තමයි අද කෑමක් හදන්න යන්නෙත් විශේශෙන්ම.. කුක් හොබී බලන්න ගිහින් හිටිය නිසා ජිමී ටේ එක්ක සාලෙට වෙලා කියව කියව හිටියා..ඔය අතරෙ තමයි ජින් ගෙ ගෙදර දොරට කවුරුහරි තට්ටු කරන සද්දයක් ඇහුනේ.. ජින් කියපු ගමන්ම ජිමී දුවගෙන ගිහීන් දොර ඇරියා..දොර ඇරුනු පාර ජිමී බයවෙලා පිටිපස්සට පැන්නෙ එතන හිටගෙන හිටියෙ යුන්ගි නිසා..ජින් කිව්වත් යුන්ගි ඒවි කියල මේ වෙලාවෙ ඒවි කියල නම් ජිමී කොහෙත්ම හිතුවෙ නෑ..
" හි.හියුන්ග්..ලූනා!!!! මේ ඔයාද..යුන්ගි හියුන්ග්..දෙයියනේ ජින් හියුන්ග් යුන්ගි හියුන්ග් ඇවිල්ලා.."
ජිමී එකපාරටම යුන්ගිගෙ ඇගට පැනල බදාගත්තා..කොච්චර තදින්ද කියනවනම් යුන්ගිව තව ටිකෙන් ඇදගෙන වැටෙනවා..ජිමීට ඇඩෙන්නත් වගේ.. එයාට හිතාගන්න බෑ මේක මේ රෑට පේන හීනයක්ද කියලත්..යුන්ගි ජිමීවත් වාරු කරගෙන ගමන් මලු ටික බිමින් තිබ්බා.. හුග කාලෙකින්..ලොකු කාලෙකට පස්සෙ ගම තාම තිබුනු විදිහමයි.. කවුරුත්ම වෙනස් වෙලා නෑ..යුන්ගිට සතුටු හිතුනා..
" පිස්සු හියුන්ග්..මාව දාල ගියා.. අපිට ඔයාව හුගක් මතක් වුනා.."
ජිමී යුන්ගිගෙ පපුව අස්සෙමමූන ඔබාගෙන අත මිටි කරලා යුන්ගිගෙ පපුවට ගහගෙන ගහගෙන ගියා.. ජිමී ඉතින් කාගෙත් හුරතලානෙ..
" මොකද ලමයි කෑගහන්- යුන්ගියා... මගෙ දෙයියනේ ඔයා ආවද.."
ජින් හැන්දත් උස්සගෙනම සාලෙට ආවෙ ජිමී කෑගහල කිව්ව එක ඇහුනු නැති නිසා..ටේටත් එතකොට තමයි කාරනේ පෙනුනෙ.. යුන්ගි ඉතින් ජින් එක්කත් හිනාවුනා..
" එන්න එන්න ඇතුලට..දන්නෙත් නෑනෙ ඉතින් ආව කියලා..ජිමී හියුන්ග් ට අමාරුයි දැන් ඔය කරෙන් බහින්න.."
ජින් ඉක්මනින් ගිහින් ජිමීව එහාට කරලා යුන්ගිට ඇතුලට එන්න දුන්නා..ටේත් ඉක්මනින් ගිහින් එලියෙ තිබුනු ගමන් මලු කීපයම ඇතුලින් තිබ්බා..
YOU ARE READING
RED JASPER | SOPE | COMPLETED
Fanfiction"ඔයා තව ටිකකින් ගෙදර ආවම මට පුලුවන් ඔයාට ඉක්මනින් තුරුල් වෙන්න.. සමහරවිට එතකොට ඔයා මාව ඈත් කරයි ඔයා තෙමිලා ඉන්න නිසා මාවත් තෙමෙයි කියලා.. ඒත් මම දිගටම ආයෙ ඔයා ලගටම ඒවි.. ඔයාට මහන්සි වුනත් ඔයා මාව ලගට අරගෙන මගේ කොන්ඩෙ අවුල් කරයි.. ඊට පස්සෙ මාව සිපගනි...