♡ එයා යාලුවෙක්...

256 86 9
                                    

හොබී රෑ වෙන්න කලින් ගෙදර ගියත් යුන්ගි තවම ඇවිත් හිටියේ නෑ.. ඒකත් එක අතෙකින් හොඳයි කියලා හිතලා හොබී පිරිසිදු වෙලා බීටා එක්ක රෑ කෑම ලෑස්ති කරන්න උදවු වුණා.. රෑ වෙද්දි බීටා ගෙදර වැඩ ඉවර කරලා යන්න ගියත් ඒ වෙද්දිත් හොබී හිටියේ තනියම.. යුන්ගි එච්චර පරක්කු ඇයි කියලා හිතන ගමන් හොබී ඉස්සරහ දොර ඇරන් එලියට ගියා ටිකක් නිදහසේ ඉන්න..

හොඳටම හඳ පායලා තිබුණ දවසක් නිසා හද එළිය මිදුලේ තිබුණු සමහර උස් ගස් අස්සෙන් පෙරිලා බිම පුරා හෙවනැලි රටා ඇඳලා තිබුණා.. හරියට ඒවගෙ මොකක්හරි ලස්සන චිත්‍රයක් හැංගිලා තියෙනවා වගේ..

හොබී මිදුල කොනක තිබුණු ලී බංකුව උඩින් ඉඳගෙන අහස දිහා බලන් හිටියා.. එතකොට හොබී ගෙ ඇස් කොළ පාට වෙනවා.. ඒ කොළ පාට ඇස් දැකපු අයට ඉන්නෙ යුන්ගි විතරයි.. කලාතුරෙකින් තමයි හොබී ගෙ ඇස් කොළ පාට වෙන්නෙ.. එතකොට හොබී හරිම ලස්සනයි.. හොබී ට එයාගෙ ඔම්මල දෙන්නව මතක් උනා හද දිහා බලන් ඉද්දි.. එතකොටම ඇස් අගට කඳුළු පිරුණ.. හොබී හද එළියට හරි සංවේදී ඔමේගාවෙක්..

හොබී ගෙ ඇගට හරි මහන්සියක් දැනුනා වෙනදාට වඩා.. සමහරවිට අද දවසෙම විවේකයක් තිබුණේ නැති නිසා වෙන්න ඇති කියලා හොබී හිතුවා.. කකුල් දෙකත් පද්ද පද්ද හොබී ඔහේ හිටියා කල්පනා කර කර හුඟක් වෙලා.. ජිමී වත් හිටියනම් කියලත් හිතුනා.. ජිමී ඉන්න තැන පාලුවක් නෑ නේ.. ඉක්මනින් කුක් හමුවෙන්නත‍් ඕන.. හොබී ට වැඩ ගොඩයි..

ඉතින් ටිකකින් හොබී බලාපොරොත්තුවෙන් හිටිය එක්කෙනා ඈත එනව හොබී දැක්කා.. එතකොට නම් හොබී ලඟින් එන සූරිය කාන්ත මල් සුවඳ හරිම මිහිරියි.. හද එළිය මූණට වැටිලා තව ටිකක් ලස්සනයි.. හොබී ලොකු හිනාවක් පුරවන් යුන්ගි ළඟට දුවගෙන ගියා.. හොබී දැන් දරදඬු නෑ හුඟක්.. ඒක නිසා ආදරේ පෙන්නන්න දන්නවා වෙනදට වඩා..

යුන්ගි හිටියේ දවසම වෙහෙස වෙලා හරිම මහන්සියෙන්.. හොබී ගෙදර ඇති කියලා හිතාගෙන ආවත් යුන්ගි දැක්කෙ එයා එනකම් එළියට වෙලා බලන් ඉන්න එයාගෙ පුංචි ඔමේගාව.. යුන්ගි ට මොහොතකින් හුඟක් සතුටු දැනුනා.. ටිකකින් හොබී හිටියේ යුන්ගි ගෙ බෙල්ල වටේ අත් යවලා යුන්ගි ට තුරුළු වෙලා..

RED JASPER | SOPE | COMPLETEDOpowieści tętniące życiem. Odkryj je teraz