පහුවදා උදේ හොබී අවදි වුණේ වහින සද්දෙ එක්ක ලී ජනෙල් කවුළු වලින් වැහි පොද හුළඟට මූණේ වදින නිසා.. කන් දෙක අගුල් වැටෙන්න තරම් හයියෙන් වහින නිසා උදේ පාන්දර කම්මැලිකමට හොබී තව ටිකක් යුන්ගි ගෙ පපුව අස්සටම ගුලි වුණා.. කොච්චර සීතල වුණත් මොකද ඇල්ෆා ළඟ උණුහුම්නේ..
යුන්ගි තවමත් හොඳහැටි හොබීවත් තුරුල් කරන් නිදි.. හරිනම් උදේ රෝහලට යන්න ඕන එක්කෙනා තමයි ඔය නිදන් ඉන්නෙ.. ඒ වුණාට ජින් හියුන්ග් පරක්කු වුණා කියලා බනින්නේ නෑ කොහොමත් අද වගේ දවසක.. මොකද එළියට බහින්න බැරි තරම් වහින නිසා..
හොබී කොට්ටෙ හොඳට හදාගෙන ආයේ ඔලුව තියා ගත්තෙ හැමදාම උදේට තියන විකාර ඔලුවෙ කැක්කුම අදත් ඒ විඳියටම තිබ්බ නිසා..
හොබී ට එකපාරටම අප්පිරියාවක් දැනුන නිසා ඒක නැති වෙනකම් ඇස් දෙක තදින් පියන් හිටියා.. ඒත් ඔක්කාරෙට වගේ ආපු නිසා යුන්ගි ගෙ අත එහාට කරගෙන නිදන ඇදුමත‍් හද හද ඉක්මනින් හොබී පහළට දිව්වේ දොරත් මහා හයියෙන් ඇරගෙන..
දොර වදින සද්දෙයි ඇඳ එහා පැත්තෙ හිස් නිසයි යුන්ගි හෙමින් අවදි වුණා.. ඒ එක්කම යුන්ගි ට පෙනුනේ එළියේ හොඳටම වහිනවා.. වහින දවස් වලට හොබී නැගිටින්නෙ නෑ හරිනම් මෙච්චර වේලාසනින්..
බාගෙට නිදිමතේ යුන්ගිත‍් නැගිටලා කාමරයෙන් එළියට ගියේ හොබී ට මොකද බලන්න..
' මේ වහින වෙලාවේ මොකක්ද එළියේ කරන්නෙ..'
යුන්ගි දැක්කෙ හොබී පපුවට අත තියන් අමාරුවෙන් හුස්ම ගන්න උත්සාහ කරනවා.. යුන්ගි ඉක්මනින් හොබී ළඟට ගියත් හොබී ආයේ ආයේ වමනෙ කරන්න ගත්තා.. ඒ නිසා හොබී ට හුස්ම ගන්න අමාරුයි..
යුන්ගි පුළුවන් තරම් හොබී ව සන්සුන් කරන්න උත්සාහ කරත් හොබී හුඟක් වෙලා එහෙම හිටියා.. ඇත්තටම යුන්ගි ට දැනුනෙ භයක්.. අන්තිමට හොබී යුන්ගි ගෙ ඇගට හෙත්තු වුණේ සිහි සුන් වෙලා..
ඉක්මනින් යුන්ගි හොබී ව පහළ තට්ටුවේ කාමරේක හාන්සි කරවලා නාඩි පරික්ෂා කරා..
එහෙම වෙනසක් මොකුත්ම තිබුණේ නැති වුණත් හොබී ටිකක් විතර සුදුමැලි පෙනුමට හිටියේ..
YOU ARE READING
RED JASPER | SOPE | COMPLETED
Fanfiction"ඔයා තව ටිකකින් ගෙදර ආවම මට පුලුවන් ඔයාට ඉක්මනින් තුරුල් වෙන්න.. සමහරවිට එතකොට ඔයා මාව ඈත් කරයි ඔයා තෙමිලා ඉන්න නිසා මාවත් තෙමෙයි කියලා.. ඒත් මම දිගටම ආයෙ ඔයා ලගටම ඒවි.. ඔයාට මහන්සි වුනත් ඔයා මාව ලගට අරගෙන මගේ කොන්ඩෙ අවුල් කරයි.. ඊට පස්සෙ මාව සිපගනි...