' ඒ යුන්ගියාආආආහ්.. මාව කරේ හරි තියන් යනවකෝ.. ආව්.. කකුල් දෙක රිදෙනව මගේ..'
ජින් යුන්ගි ට පිටිපස්සෙන් බෙරිහන් දීගෙන ආව, ඒත් හැමදාම වගේ යුන්ගි ජින් ව ගනන් නොගෙනම ඉස්සරහට ගියා..
' මෙහෙමත් සහෝදරයෝ ඇත්තට..'
ජින් දුවගෙන ගිහින් යුන්ගි ගෙ අත ට බර වෙලා එල්ලුනේ තරහට..
' අනේ ඇත්තට ඔය ඔමේගගෙ වයස කීයද ආ.. තවම පොඩි එකෙක් වගේ දුවනවයි.. මට දුකයි ජුන් හියුන්ග් ගැන..'
යුන්ගි කට කොනේ හිනාවක් එක්ක කියද්දී ජින් යුන්ගි ව ඉස්සරහට තල්ලු කරේ මූණ ඇද කරන්..
' අනේ යනව යන්න.. මම පොඩි නෑ..'
' ඒක නෙමේ යුන්ගි අද දවසෙම හොබී තනියම නේද ගෙදර.. '' හිතනවද තනියෙන් කියලා..? ජිමී එක්ක ඉන්න ඇත්තේ දවසෙම.. මම දන්නැද්ද.. '
' ඔය දෙන්නගෙ මොකුත් ප්‍රශ්නයක් නෑ නේද.. හොබී හරි දුකින් වගේ ඉන්නෙ.. මම ඔයා එක්ක කතා කරන්න හිතන් හිටියෙත්.. '
' නෑ හියුන්ග්.. අපි දෙන්න අතරේ එහෙම ප්‍රශ්නයක් නෑ.. ඒත් අනේ මන්දා.. '
' ඇයි යුන්ගි..? මොකක්ද ප්‍රශ්නේ.. '
යුන්ගි ගෙ මූණ ටිකක් බැරෑරුම් පෙනුමක් ගත්තම ජින් කලබල වුණා..
' නෑ හියුන්ග්.. එයා මට නොකියන කෙනෙක් නිතර හමුවෙනවා.. මට ඒක අමුතුයි වගේ.. '
යුන්ගි එහෙම කියද්දී ජින් ගෙ ඔලුවට ආවේ එදා ටේ සේ-ජින් ගැන කියපු කතාව.. මෙච්චර දවස් කල්පනා කරලා ජින් ඒ ගැන අමතක කරලා දැම්මෙ දැන් ඒ දෙන්නා හුඟක් හොඳින් ඉන්න නිසා.. ඒත් දැන් ආයෙත්..?
' ක්-කව්ද යුන්ගි.. ඔයා කොහොමද දන්නෙ..? '
' ඒකට මගේ විඳි තියේ ඉතින්.. මේ ළඟදි හොබී එකපාරටම සේ-ජින් ගැනත් ඇහුව..'
ජින් ට දාඩියත‍් දැම්මා යුන්ගි කියන දේවල් එක්ක.. එතකොට ටේ බොරුවක් නෙමේ කියලා තියෙන්නේ..
' ඉතින් ඔයා මොකද කිව්වෙ..?'
' මම සේ-ජින් ගැන නොකිය මින්-හෝ ගැන කිව්වෙ.. මම ම හොයාගන්නකම් හොබී ඔය වගක් මට කියන්නෙ නෑ.. මම දන්නව.. '
YOU ARE READING
RED JASPER | SOPE | COMPLETED
ספרות חובבים"ඔයා තව ටිකකින් ගෙදර ආවම මට පුලුවන් ඔයාට ඉක්මනින් තුරුල් වෙන්න.. සමහරවිට එතකොට ඔයා මාව ඈත් කරයි ඔයා තෙමිලා ඉන්න නිසා මාවත් තෙමෙයි කියලා.. ඒත් මම දිගටම ආයෙ ඔයා ලගටම ඒවි.. ඔයාට මහන්සි වුනත් ඔයා මාව ලගට අරගෙන මගේ කොන්ඩෙ අවුල් කරයි.. ඊට පස්සෙ මාව සිපගනි...