♡ හොබීගෙ වෙනස...

367 75 24
                                    

පැටියා ලැබිලා කීපදවසකින් හොබී රෝහලේ ඉදලා ගෙදර ආපු නිසා මේ දවස්වල හොබී රැදුනෙම ගෙදර..ඔක්කොමත් හරි සුබපැතුම් වලිනුයි හොබීට බේරෙන්නම බැරිවුනේ..හොබී නැතත් යුන්ගි ටිකක් කැපිල පේන චරිතයක් නිසා හැමෝම ආවෙ යුන්ගිගෙ පැටියව බලල යන්නයි..ඉතින් ආවම එයාගෙ නහය යුන්ගිගෙ වගේ , සුදුපාට යුන්ගිගෙමයි , ඇස් කලුම කලු.. හරමයි මෙහෙමයි හොබීට අහලම එපා වෙලයි තිබුනේ.. අනික හොබී ටිකක් විතර කැමති නෑ පැටියව හැමෝම අල්ලනවට..

දැන් සති එකහමාරක් විතර වෙන පැටියා මුලු දවසෙම කරන්නෙ නිදාගන්නවා, කිරි බොනවා, අඩනවා, ආයෙම නිදාගන්නව ඔච්චරම තමයි.. ජින්,ටේ,කුක්,ජිමී,ජුන් එයාලට ඉඩ තියන හැම වෙලාවකම වගේ හිටියෙ හොබී එක්කන්..මොකද හොබී කවුරුත් නැති ගෙදරක දරුවෙක් බලාගන්න එක ගැන මොකුත්ම දන්නෙ නැතුව තනියෙමයි හිටියෙ.. හොබී කෑම හදාගන්න ටිකටත් ඉන්නෙ හුගක් බයෙන්..පැටිය නින්දෙන්ම දගගලා ඇදෙන් වැටෙයි කියල හොබීට බයයි.. නැත්නම් මූන කොට්ටෙට තද කරගෙනවත්ද..හොබීට බය හිතෙන එක සාදාරනයි.. ඒ වෙලාවට හොබී පැටියව පහල කාමරේක නිදි කරවලා වටේටම කොට්ට තියලා පැටියව ඇද මැද්දෙන් තියෙනවා..ආයෙ සැරින් සැරේ ඇවිත් බලනවා මොකද වෙන්නෙ කියලා..හොබීට ජිමීවත් ආපු වෙලාවක තමයි රෙදි සෝදගන්න,පිරිසිදු වෙන්නවත් වෙලාවක් හම්බුනේ..දැන්නම් හොබීට ගෙදර කාගෙමහරි උදවු වල උවමනාව තදින් දැනුනා..යුන්ගිවත් හිටියනම් එයාට මෙච්චර වැඩ වල අමාරුවක් නෑ..

දවසක් හොබී කණ්ණාඩියෙන් එයාගෙම ඇග දිහා බලාගෙන හිටියා..පැටියෙක් හම්බුනාට මොකද හොබීගෙ කලින් නැතිවෙලා තුබුනු පෙනුම ආයෙ මතුවෙන්න පටන් අරන් තුබුනා..කකුල් වල තිබුනු ඉදිමුම නැතිවෙලා ගිහින්,මූනෙ තිබුනු ලෙඩ ගතිය මැකිලා තිබුනා.. හොබීට සතුටු හිතුනා ආයෙම එයා කලින් වගේ ඉන්න එක ගැන..

හොබී කලින් කිව්ව වගේ මහත ඔමෙගාවෙක් නෙමෙයි..හොබීට තිබුනෙ හරිම සැහැල්ලු ඇගක්.. බොහොම හීනි ඉනක්.. ඒක කොච්චරටම හොබීට ගැලපෙනවද කිව්වොත් හොබී ඇවිදිද්දි බලන් ඉන්න තරමටම ආස හිතෙනවා..  හොබී කන්නඩිය ලගම තිබුනු ලාච්චුවකට අත දාල ගත්තෙ පහුගිය කාලෙ පුරාවටම ගලවලා තිබුනු ඉන පලදනාව.. හොබී ඒකට හුගක්ම කැමති නිසා ඉන හරියෙන් හොබීට ලොකු අඩුවක් වගේ දැනුනෙ.. 

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now