♡ උමතුව...

331 76 54
                                    

" මොකක්... ජුන් ඔයා මා එක්ක විහිළු කරනව නෙමේ නේද..? ඔහ් ලූනා.. මට හිතාගන්න බෑ.. කෝ කොහෙද මගේ හොබී දැන්.. එයා දන්නවද ඒක ගැන...ඔයාල එයාව හොඳට බලාගත්ත නේද.. දෙය්යනේ ජුන්.. මට.. මට.."

" අයියෝ ජින්.. පොඩ්ඩක් කලබල නොකර ඉන්නකෝ.. මම කියපුවා මතකයි නේද.. දැන් ගිහින් ඒ විඳියට ඉන්න හරිද.. යුන්ගි ගැන මොකුත් කතා නොකර ඉන්න.. මම කිව්වේ විශේෂ දෙයක් නැති ගාණට ඉන්න..

අනිත් එක..

අරක හොබී ට කියන්න ඔයා.. හරිනේ.. "

ජුන් හිනාවක් දාගෙන ජින් ව පහු කරගෙන ගියා..

" යා.... නම්ජුනා... ඔහොම ඉන්නවා.. මේ මට බෑ තනියම යන්න .. ඔයත් එන්න.. යා.. "

• . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . •

" ජිමී... මට ගෙදර යන්න ඕන.. "

හොබී අවදි වුණාට පස්සේ බර කල්පනාවක ඉඳලා කතා කරන්න පටන් ගත්තා..

" ඇයි හොබී හදිස්සියේ.. මොකුත් ප්‍රශ්නයක් ද..?"

" එහෙම නෙමේ.. මම කියන්නෙ.. මට.. මට ටිකක් තනියම ඉන්න ඕන.. මගේ ඇගට හරි නෑ වගේ.."

හොබී එහෙම කියද්දී ජිමී ඇස් හීනි කරන් හිනා වෙලා හොබී ගෙ අත් දෙක තදින් අල්ල ගත්තා..

" පොඩි වැඩක් තියේ කියන්න.. ජින් හියුන්ග් ආවම කියයි.. ඔයා පුදුම වෙන්න යන්නෙ.. "

" ඒ මොකක්ද.. "

" ඉවසන්නකො තව ටිකක්.. "

ජිමී කියලා ඉවර වෙනවත් එක්කම හොබී ඇඳෙන් නැගිටලා කටත් අල්ලන් එළියට දුවගෙන ගියා..

" හොබී... හොබී මොකද වුණේ.. ටේ මට වතුර එකක් ගෙනැල්ලා දෙන්නකෝ.."

හොබී නැමිලා අමාරුවෙන් හුස්ම ගන්නකොට ජිමී ටේ ට කතා කරා.. ටේ ජිමී ට වතුර එකත් දීලා යන ගමන් ඉඟි කරේ ඕක සාමාන්‍යයි කියන්න වගේ.. ජිමී ත‍් ඔලුව වනලා කිව්ව දේ තේරුම් ගත්තා..

" හොබී.. අමාරුවක් නෑ නේද.. "

" අනේ මන්දා ජිමී.. ඇගට හරි අමුතුයි.. මට මහන්සි වගේ.. "

හොබී කතා කරේ වෙහෙසට පත් හඬකින්..

" අපි විවේක ගමු.. ඊට කලින් කෑම කමු නේද.."

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now