♡ යුන්ගිගෙ ඔමේගා..?

301 85 19
                                    

සේ-ජින් හිටියේ එයාගෙ කාමරේ පුහුණුවීම් වලට ඇදුම් ලෑස්ති කරන ගමන්.. ඒ අතරේ ඊයේ දවස ගැනත් නිතර මතක් කර කර හිනා වුණා.. ඒක නම් හීනයක් වගේ.. කොහොමහරි සේ-ජින් ට ඇහුනේ ගෙදර පඩිපෙළ දිගේ කවුරු හරි උඩට දුවගෙන ඇවිත් තමන්ගේ කාමරේ දොර වැරදි පැත්තට අදින ගමන් අරින්න හදනවා..

' කවුද දොර ගලවන්න හදන්නේ..'

සේ-ජින් උස් හඬින් කතා කරලා දොර පැත්තට අදින ගමන් බැලුවේ කව්ද මේ උදේ පාන්දර කියලා..

' මින්-හෝ මොකද මේ.. පිස්සු හැදී ගෙන එනවද උදේ පාන්දර දොර ගලවන්න හදන්නෙ..'

සේ-ජින් දැක්කෙ තමන්ගේ යාලුවා හති දාන ගමන් මොකක්හරි කියන්න උත්සාහ කරනව..

' මේ.. සේ-සේ.. ජින්.. අහ්.. මෝඩය බලනව කව්ද ඇවිත් තියෙන්නේ කියලා..'

' ඇයි මොකද වෙලා තියෙන්නෙ.. කව්ද ඇවිත් ඉන්නෙ.. '

සේ-ජින් වචන ගලපන අතරේ යාලුවා සේ-ජින් ගෙ අතින් ඇදගෙන ගිහින් ජනෙලෙ ළඟට තල්ලු කරේ පහළ බලන්න කියලා සන් කරන ගමන්.. මොහොතකින් පහළ බලපු සේ-ජින් ගෙ පපුව වේගෙන් ගැහෙන්න ගත්තෙ කරන්න ඕන දෙයක් හිතාගන්න බැරුව..

' මින්-හෝ එයා මොකද මෙහෙ කරන්නෙ.. අනේ ලූනාහ්..'

' ලූනගෙන් අහල හරියන්නේ නෑ සේ-ජින්.. ගිහින් ඇයි ආවේ කියලා අහනව එයාගෙන්..'

සේ-ජින් ගෙ ඔලුවට අනින ගමන් මින්-හෝ තරහින් කතා කරා..

' මෝඩ  කොටලු පැටිය පහළට ගිහින් මම එනකම් එයා එක්කන් වෙන පැත්තකට යනව .. අප්පා දැක්කොත් ඉවරයි.. '

සේ-ජින් මින්-හෝ ව කාමරයෙන් එළියට තල්ලු කරලා දොර වහගන්න වුණා..

' තමුන්ට මම ඉන්න නිසා හොඳයි.. මෝඩය..'

මින්-හෝ බැන බැන පහළට දිව්වා.. ඒ අතරේ සේ-ජින් කලබලෙන් ලෑස්ති වෙලා කූඩාරම් තියන පැත්තෙන් වෙන පැත්තකට ගියේ මින්-හෝ ඈත ඉන්නව පෙනුන නිසා..

' ආ.. සේ-ජින් මම එහෙනම් අරහෙට යන්නම් ඔය දෙන්නා කතා කරන්නකෝ..'

සේ-ජින් එතැනට ආපු නිසා මින්-හෝ ආපු කෙනා එක්ක කතා කරන්න ඉඩ දීලා එහාට ගියා..

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now