♡ වසන්ත සැණකෙළිය...

370 77 33
                                    

" ජියා අර ඇල්ෆා ඔයා දිහා බලනව වැඩි නැද්ද.. බලන්නකො අනෙහ් හැටි විතරක්.. දෙන්න හිතෙනව මූන මැදට අත කරකලා මෙන්න මෙහෙම පාරක්..ර්හ්හ්.."

" ඒයි මෝඩි කෑ ගහන්න එපා ඇහෙයි..මෙන්න මෙහෙ එනවා.."

ඔමේගා ජියා එයාගෙ හොදම යාලුවා සියොමිවත් ඇදගෙන කූඩාරමක් ඇතුලට ගියා.. සියොමිත් හරි සියොමිගෙ කටත් හරි.. 

" බයගුල්ලි.. ඇල්ෆෙක්ටත් බයේ දුවන්නෙ.. යාලුව කියන්නත් ලැජ්ජයි මට.."

සියොමි තනියෙම කියවද්දි ජියා කූඩාරමෙන් එලියට ඔලුව දාල බැලුවෙ ඇල්ෆා තාම ඉන්නවද කියලනම් නෙමේ.. ජියා එයගෙ පවුලෙ අයත් එක්ක මේ පාර වසන්ත සැනකෙලියට ජන්ග් රැලට අවෙ ටික දවසක් නවතින්න..ජියාගෙ රැලේ අය කොහොමත් ජන්ග් රැලේ අයත් එක්ක ලගින්ම යාලුකම් තියාගත්ත කට්ටියක්..ඔය සේරටමත් වැඩිය ජියානම් එන්නෙ එයාගෙ ඒකපාර්ශ්වික ආදරේ බලලා යන්න.. වෙන කවුරුත් නෙමේ ඇල්ෆා සූයොන්ව..

" එහ් සියොමි.. එන්නකො.. එයා අතන ඉන්නවා.."

" මොන..??"

" මෝඩි!! සූයොන් ඉන්නව කියලයි කිව්වෙ.."

සූයොන් කිව්ව පාර සියොමිත් කූඩාරමෙන් එලියට ඔලුව දාල බැලුවා..

" ලූනා.. !! මේ පාරනම් බැහ් බැහ් ගාන්න තියාගන්න එපා ජියා.. සූයොන් එක්ක පොඩ්ඩක් ලගින් කතාකරන්න බලනවා.. ඇල්ෆලා යාලුකරගන්න ඕනනම් මේ සියොමිගෙන් අහන්න.. හහ්.."

සියොමි කොන්ඩ කරලකුත් ගස්සලා කිව්ව හැටියෙන් ජියාට හිනා ගියා..

" පුෆ්.. අනේ නිකන් යනව සියොමි යන්න.. තමුන්ට නිකන් ඇල්ෆලා වහ වැටිලා ඉන්නව වගේනෙ කතාව..අඩුම තරමෙ ඇල්ෆෙක්වත් නෑ.. "

" ඒ මම ආඩම්බර නිසා..හහ්..අනික මට ඕන්නැති ඇල්ෆෙක් නෑ.. මම මගේ පාඩුවෙ හැමදාම ඉන්නව.. ඕන්නම් අපි දෙන්න සූයොන්ව බෙදාගමු.."

සියොමි ඇහැකුත් ගස්සලා ජියා දිහා බැලුවා..

" ඒයි මෝඩි මොකක්ද කිව්වෙ.. තමුන්ට අද මම!!.."

ජියා පාවහන් දෙකම ගලවලා අතට අරගෙන සියොමිට එකකින් දමලා ගැහුවා..

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now