♡ කේන්තිය...

258 83 46
                                    

' යුන්ගි.. ඇත්තටම ඔයා කේන්තියෙන් නෙමෙයි නේද ඉන්නෙ..?'

හොබී යුන්ගි ගෙ පපුව උඩින් නිකට තියන් කතා කරේ යුන්ගි බොහොම සාමාන්‍ය විඳියට හැසිරුණා නිසා..

සාමාන්‍ය විඳිය ට හැසිරුණු නිසා..?

හොබී ට සමහරවිට වුවමනා වෙන්න ඇත්තේ යුන්ගි එයාට බනිනවා දකින්න වෙන්න ඇති.. නැත්නම් කතා නොකර ඉන්නවා දකින්න.. ලඟටවත් නෑවිත් ඉන්නවා දකින්න.. එහෙම කරද්දී හොබී ට තමන්ව රිද්දගන්න පුළුවන්.. එහෙම වෙද්දි දුකක් දැනුනත්,යුන්ගි දැන් හැසිරෙන විඳිය සේරටම වඩා දුකක් ගෙනාවා..

හරියට කිසි දෙයක් නොවුන ගාණට.. අනික වෙනදාට වඩා ආදරෙන්..

එහෙම වෙන්න පුළුවන් ද.? ඒත් යුන්ගි එහෙම හැසිරුණා..

එතකොටම කවදාටත‍් වඩා හොබීට හුඟක් රිදුනා..

' යුන්ගි මට ඔහොම සලකන්න එපා කරුණාකරලා සාමාන්‍ය වෙන්න.. මට දරාගන්න අමාරුයි..'

හොබී ගෙ හිත දිගින් දිගටම කිව්වේ එහෙම..

' නෑ රෝස මල.. ඇයි මම කේන්තියෙන් ඉන්නෙ..'

යුන්ගි ඇඳේ පැත්තකින් හාන්සි වෙලා කියව කියව හිටිය පොතේ ඊළඟ පිටුව පෙරලන ගමන් බොහොම සාමාන්‍ය විඳියට උත්තර දුන්නා..

' නෑ මම හිතුවෙ එහෙම වෙන්නැති කියල.. '

හොබී තමන්ගෙ මූණ වහගෙන තිබ්බ කොන්ඩ කෑලි එහාට කරගන්න ගමන් කතා කරා..

' දැකල තියේද මම කේන්තියෙන් ඉන්නව..'

යුන්ගි හිනා වෙන ගමන් හොබී ගෙ කම්මුලට තට්ටුවක් දැම්මා..

හොබී හරි බැරෑරුම් විදිහට මූණ හදාගෙන කල්පනා කරා..

' ම්ම්.. ඇත්තටම නෑ නේද..? එහෙම ඉන්නවා දැකලම නෑ.. එහෙම ඉන්න පුළුවන් ද..? එතකොට කේන්ති ගියහම යුන්ගි මොන වගේ ද..? එතකොට කේන්ති ගන්නෙම නැද්ද..? ඒක අසාධාරණයි..'

' නෑ.. ම්ම්.. දැකල නෑ..'

හොබී දුක හිතුනු විඳියට කටහඬ අඩු කරලා කිව්වා..

' ඒකනේ බබා..'

යුන්ගි පොත දිහා බලාගෙනම උත්තර දුන්නා..

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now