♡ කඩවසම් ඇල්ෆා...

265 77 53
                                    

' යුන්ගි මොකක්ද අර අද හවස ඔමේගා කෙනෙක් දුන්න ලියුම.. මෙහෙ දෙන්න මටත් බලන්න..'

හොබී යුන්ගි ට දවල් ඔමේගා කෙනෙක් දුන්නු ලියුම දැක්ක.. ඒත් යුන්ගි හිතුවේ ඒක හොබී ට නොපෙන්වා ඉන්න.. ඒත් ඉතින් හොබී කොහොමහරි ඒක දැකල තිබ්බා.. ඇරත් ඔය දේවල් විශේෂ දේවල් වුණේ නැත්තේ යුන්ගි ට නම් ලියුම් නිතර ලැබෙන නිසා..

හොබී හිමිහිට ලියුම ඇරලා පොකුණේ කණ්ඩියට හෙත්තු වෙලා ලියුම කියෙව්වා.. ඒ අතරේ යුන්ගි දැක්කේ කවුරුහරි පාරේ එහා පැත්තට ඉක්මනින් මාරු වෙලා යනවා.. නිකන් හෙවනැල්ලක් වගේ මොකක්හරි.. ඒත් හොබී නම් ඒ බවක් දැක්කෙ නෑ.. යුන්ගි ආපහු හොබී ගෙ හඬට අවධානය දුන්නෙ යුන්ගි මොකක්හරි මවා ගත්ත දෙයක් දකින්න ඇති කියලා හිතලා..

' නියමයි නේ යුන්ගි.. මම දැනගෙන හිටියේ නෑ නේ ඔයාට ඔච්චර ලස්සන ඇස් දෙකක් තියෙනවා කියලා..'

හොබී ලියුම දිහා බලාගෙනම හිනා වෙවී කිව්වා.. ඒකට යුන්ගි ලාවට හිනා වුණා විතරයි..

' මොකද හිනාවෙන්නේ ආ..'

' නිකම් නිකම්..'

හොබී ට ඉරිසියා හිතුනේ නෑ කිව්වොත් බොරු තමන්ගෙ ඇල්ෆා ගැන වෙන ඔමේගා ලා වර්ණනා කරලා ලියලා තියනව දැක්කම.. ඒත් ඉතින් මොනා කරන්නද ඇල්ෆා කඩවසම් නේ..

' මගේ ඔමේගා කේන්ති අරගෙන ද..?'

හොබී ගෙ කඩවසම් ඇල්ෆ හොබී තව තමන්ගෙ තුරුලට ලං කරගන්න ගමන් ඇහුවා..

' ඇයි මම කේන්ති ගන්නෙ.. විකාර..'

' ඉතින් බබා එයාල දැකල තියෙන්නෙ ඇස් විතරයි නෙ.. ඔයා නොදැකපු -'

' යන්න ඇල්ෆා පිස්සුද අනේ හහ්..'

හොබී ඉක්මනින් රතු වුණේ යුන්ගි ගෙ කීමවල් වලට.. යුන්ගි කියන්න ගිය එකත් නතර කරලා හොබී ඉක්මනින් යුන්ගි ගෙන් ඈත් වුණා.. යුන්ගි තවමත් හිනා වෙන එකට හොබී ට දැනුනේ තව තරහක්..

' මට මහන්සි ගෙදර යන්න ඕනේ.. යමු ඉතින් දැන්.. '

හොබී යුන්ගි උත්තරයක් දෙන්න කලින්ම එතැනින් එහාට අඩිය ඉක්මන් කරා.. යුන්ගි හොබී ගෙ හදිසි ඉරිසියාව හොඳට රසවිඳින ගමන් හිටියේ..

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now