♡ මුදුව...

323 103 43
                                    

ඉතින් පුතේ කොහොමද එහෙ කට්ටිය හොඳින් ඉන්නවද..? මට එන්නත් බැරි වුණානේ..'

කුක් ගෙ සීය කෑම පිළියෙල කරන ගමන් කුක් ගෙන් ඇහුවා..

' ඔව් සීයේ.. හැමෝම හොඳින් ඉන්නව.. ටේ, ජිමී නම් කරදර වුණා සීය බලන්න එන්න ඕනම කියලා..'

' වෙලාවක එන්නකො ඉලන්දාරි හැමෝම මාව බලල යන්න.. '

' හරි සීයේ.. ඒක නෙමේ මට පොඩි උදව්වක් ඕන සීයේ.. '

' මොකක්ද පුතේ...? '

' සීය දන්නව නේද ජන්ග් නායකතුමියගෙ පුතාව.. අර මම කලින් කිව්වේ.. '

' ඔව් මතකයි නම් තමයි..? '

' අර මුද්ද මම එයාට දුන්නා.. මම හිතන්නෙ ඒක එයාට ටික දවසකට ඕන වේවි.. '

' හ්ම්.. එයා දන්නවද මම ඔය වැඩ කරනව කියල.. '

' නෑ සියේ.. මම එයාට කිව්වේ අදුරන කෙනෙක් කරලා දුන්නා කියලා.. '

කුක් එදා හොබී ට දුන්න මුදුව ගැන සීය එක්ක කිව්වා..

කුක් ගෙ සීය කියන්නෙ තරමක් දුරට මායාව ගැන ඉගෙනගත්ත කෙනෙක්.. රැලේ මායාවන් පාවිච්චි කරන්න තහනම් වුණත් කුක් ගෙ සීය තරමක් දුරට ඒ ගැන දැනුමක් ලබලා තිබුණ නිසා සමහර වෙලාවල් වලදි සීය මේ දේවල් පාවිච්චි කරා..

එදා හොබී ට දුන්නු මුදුව ගැන කුක් සීය ට කියලා කල් තියා කියලා තිබුණා.. ඒ මුදුව හුඟක් ඉස්සර කාලෙදි කුක් ගෙ සීය මායාව යොදාගෙන හදපු මුදුවක්.. ඒත් කිසි වෙලාවක ඒ මුදුව ප්‍රයෝජනේට ගන්න තරම් උවමනාවක් නම් තිබිලා නෑ.. තාවකාලිකව තමන්ට අවශ්‍ය ඇල්ෆා කෙනෙක් හරි ඔමේගා කෙනෙක් හරි බීටා කෙනෙක් හරි තමන්ගේ සහකාරයා විඳියට රඳවා තියාගන්න ඒ මුදුවේ මායාවට හැකියාව තිබුණා.. හොබීට තිබුණ අවශ්‍යතාවයක් නිසා මේ ගැන කුක් එක්ක කියද්දී කුක් ට මතකෙට ආවේ මේ මුදුව.. ඉතින් කුක් දෙපාරක් නොහිත ඒ මුදුව හොබී ට දෙන්න තිරණය කරා..

ඒත් හොබී ඒක කාට පාවිච්චි කරයිද කියලා නම් කුක් දැනගෙන හිටියේ නෑ.. හිටියා නම් කවදාවත්ම ඒ මුදුව හොබී අතට නොයන්න තිබුණා..

━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━

හොබී පහුවදා උදේ ඇස් අරිද්දී හිටියේ ඇල්ෆගෙ තුරුලට උණුසුමට ගුලි වෙලා.. යුන්ගි හරිම සන්සුන් විඳියට ගන්න හුස්ම හොබීගෙ බෙල්ලට වදිනකොට හොබීට යුන්ගි ගෙ කම්මුලක් සිප ගන්න ඕන වුණා.. ඒක නිකං හදිස්සියේ ඇතිවුණු සිතුවිල්ලක්..

RED JASPER | SOPE | COMPLETEDΌπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα