♡ ඉරිසියාවක්..?

409 75 63
                                    

හොබීගෙ වගේම යුන්ගිගෙ දවස් හරිම හොදින් ගලාගෙන ගියා..හොබි තරමක් සීතල ගති වලින් පිරිලා හිටියත් යුන්ගි එයාව සිපගනිද්දිවත් , වැලදගනිද්දිවත් , අඩුම තරමේ එකට නිදාගන්න කතාකරද්දිවත් ප්‍රතික්ශේප කරේ නෑ.. එහෙම කරලා ප්‍රශ්න ඇතිකරගන්න හොබීට උවමනා වුනේ නෑ.. යුන්ගිට හොබීගෙ අලුත් හැසිරීම් තරමක වෙහෙසක් ගෙනාවත් යුන්ගි හොබීව අතාරින්න බලාගෙන හිටියෙ නෑ..මේ වතාවෙ මොන ප්‍රශ්නෙ වුනත් යුන්ගි තදින්ම හිතාගත්තා හොබීව මොහොතකටවත් තනි නොකරන්න..මොකද යුන්ගිගෙ හිත කොනක ලාවට දුකක්,කලකිරීමක් තිබුනා පැටියව ලැබෙන්න ඉද්දි එයාට හොබීව බලාගන්න බැරිවුනු එක ගැන..

යුන්ගි සාමාන්‍ය විදියට රෝහලට ගියා.. රෝගීන් බලාගන්නව වෙනුවට පුහුනු වෙන අයට උගන්නන්න..ගමෙන් පිට වෙලා ඉන්න කාලෙත් යුන්ගි ඒක කර නිසා යුන්ගි ඒකට කැමති වුනා..වැඩ වැඩිම වුනොත් හරි ජින්ගෙ ඉල්ලීමකට හරි රෝගීන් බලාගන්න නැවතුනොත් මිසක යුන්ගි ආපු ගමන්ම බලන් ඉන්නෙ ගෙදර දුවන්න.. හොබීට පැටිය ඉන්න නිසා ටික කාලෙකට රෝහලේ වැඩ නතර කරන්න වුනා.. වෙනද වගේම ගෙදර වැඩට හිටිය බීටත් සමහර වෙලාවට හොබිට උදවු කලා.. ඒත් බීටා යුන්ගිගෙ ගෙදර වැඩට එන එක නතර කරලා හුගක් කල්..හොබීට උවමනා වුනේ නෑ ගෙදර වැඩ තව කෙනෙක් ඇවිල්ල කරලා දෙනවට..

ඉතින් එදත් යුන්ගි පුහුනුකිරීම් වලට ගිහිල්ලා හවස් වෙන්නත් කලියෙන්ම ගෙදර ආවා.. හොබී පුරුදු විදියට කෑම මේසෙට ඇරලා යුන්ගිට උවමනා කරන දේවල් හොයලා බලලා පැටියවත් නින්දට යවලා කාමරේට ගියේ යුන්ගිගෙ ඇදුම් අල්මාරිය මුල ඉදලම නවන්න හිතාගෙන.. යුන්ගි උදේ ඇදුම් ඇදල ඇදල දාල ඒක දකිද්දිත් හොබීගෙ ඔලුව කැක්කුමයි..

යුන්ගි පොතක් කියවන්න කියල හිතාගෙන පොතකුත් අරන් කාමරේට ගියේ හොබී මොනවද කරන්නෙ බලන්න..හොබී පාඩුවෙ ඇදුම් වගයක් නවන නිසා යුන්ගි සද්ද නොකරම පැටියව නිදිකරවපු කාමරේ හාන්සි වෙලා පොත කියවන්න පටන් ගත්තා..

හොබී හීනි රෝසපාට ඇගිලිතුඩු වලින් හරිම ලස්සනට ඇදුම් නමලා රැලි නැතිවෙන විදියට පිලිවෙලට යුන්ගිගෙ ඇදුම් අල්මාරිය හැදුවා.. ලා පාට ඇදුම් වෙනම, තද පාට  ඇදුම් වෙනම, සීත කාලෙදි අදින ඇදුම් වෙනම, පිලිවෙලට ලස්සනට.. 

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now