♡ හදිස්සිය...

275 85 50
                                    

සේ-ජින් දවස් කීපයකට පස්සේ තමන්ගේ රංචුවට එන්න පිටත් වුණා උදේම.. අම්මා එක්ක හිටපු දවස් කීපය හොඳින් ගෙවා දාපු නිසා සේ-ජින් තරමක් දුරට හිතේ සතුටින් හිටියේ.. රංචුවට හුඟක් දුර නිසා උදේ පාන්දර පිටත් වුණත් එද්දි හුඟක් හවස් වුණා.. ඒත් රංචුවේ කවුරුත් එළියේ පේන්න හිටියේ නෑ.. ඒක අමුත්තක් වුණත් සේ-ජින් ගනනකට නොගෙනම ගෙදරට ගියා..

සේ-ජින් දොරකඩ ලඟින් පාවහන් ගලවලා පැත්තකින් තියද්දී වේලුණු කොළ කීපයක් කකුල් වලට පොඩි වුණ සද්දයත‍්, කිසි හඬක් නැති රංචුවත‍් මොකක්දෝ මූසල හැගිම් ගොඩක් සේ-ජින් ට ගෙනාවා.. ඒ වගේම කොළ විසිරිලා තියන පොළොව ඇහැ ගැටෙද්දි සේ-ජින් පුදුම වුණේ මේ දවස් ටිකේම කවුරුත් ගෙදර පිරිසිදු කරන්න උනන්දු වුණේ නැද්ද කියලා..

ගෙදර ඉස්සරහ දොර පැත්තට තල්ලු කරගෙන ගෙදරට ගිය සේ-ජින් ඉක්මනින් තමන්ගෙ කාමරේට ගියේ අප්පා ප්‍රශ්න අහලා කලබල කරන්න කලින්.. ඒත් සේ-ජින් ට ගෙදර ආගන්තුක නිහැඩියාව හිතට නම් කොහෙත්ම ඇල්ලුවේ නෑ.. සමහරවිට හැමෝම වැඩකට වෙන රංචුවක් හොයාගෙන ගියා වෙන්න ඇති කියලා සේ-ජින් කාමරේ අගුළු දාගෙන බිම එලලා තිබුණු තුනී මෙට්ටෙන් හාන්සි වුණේ උදේ ඉඳන් ඇවිදන් ඇවිත් කකුල් දෙක හොඳටම රිදෙන්න ගත්ත නිසා..

• . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . •

ජිමී, කුක්, ටේ, හොබී, යුන්ගි ගෙ වගේම එයාල එක්ක ඉගෙනගත්තු හැමෝම ඇල්ෆලා, බීටලා, ඔමේගලා ගෙ පුහුණු කාලේ ඉවර වෙන නිසා ඒ අය සාමාන්‍ය වෛද්‍යවරු විඳියට රෝහලේ වැඩ කරන්න පැවැරිලා තිබුණා..

දුර රංචු වලින් ඉගෙන ගන්න ආපු අය ජින් ට වගේම ගුරුවරුන් විඳියට හිටියා බීටලාට ස්තුති කරලා තමන්ගේ රංචු වල ප්‍රතිකාර කරන්න අවසර අරගෙන ඒ රංචු වලට ගියා.. එතකොට හැමදාම වගේ තවත් අලුතින් ඉගෙන ගන්න හුඟක් අය වෛද්‍යවරු වෙන්න ඉගෙන ගන්න මින් රැළට ආවා..

හැමොටම වඩා මේ කාලෙට කාර්යබහුල වෙන්නේ ජින්.. රෝහලේ ප්‍රධානියා විඳියට හැම කෙනෙක්ම බලාගන්න, ඉගැන්වීම් වැඩ ගැන උනන්දු වෙන්න, පිට රංචු වල අයට නවාතැන් දෙන්න, අලුතින් වැඩ පටන් අරගත්ත අයගේ දේවල් ගැන හොයන්න මේ හැමදේම ගැන වගකීම් අරගෙන කරේ ජින්.. වයසින් වැඩි ඇල්ෆලා කීපදෙනෙක් ඇරෙන්න අනිත් හැමෝම වගේ තරුණ ලමයි වුණු නිසා ජින් ට තද ගතිගුණ පෙන්නන්න වුණා වැඩ පවරද්දී..

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now