ᑕᕼᗩᑭTᗴᖇ 03

4.3K 569 79
                                    

.
.
.
.
.
.
.
.
.
.

Hobi pov

අපි තුන්දෙනා ගෙදර එද්දිත් රෑ 7 පහු වෙලා... ජීනා නම් වේලාස්සනින් ගෙදර ඇවිත් හිටියා.. කොහෙද ඌ අපේ ගෑන්ග් එකේ උනත් මොකෙක්දෝ වගේ නේ ඉන්නේ හැමවෙලේම....

Tae :"අඩෝ මං ක්ලබ් එක පැත්තේ යනවා එනවාද උබලා..."

ටේයා බෑග් එකත් පැත්තකින් තියන ගමන් කිව්වා.. මං දන්නවානේ මූ යන්නේ ක්ලබ් එකේ එකෙක් එක්ක නිදාගන්න මිසක් වෙන දේකට නෙමෙයි කියලා... ඒ වෙලාවට අපි හිටියත් මූට අපිව පේන්නේ invisible විදිහට....

Hobi :"උබ පලයන් අද මං එන්නේ නෑ...."

Suga :"මාත් නෑ බං.. අද වැඩක් තියේ..."

සුගා මං දිහා බැලුවේ මහා අමුතු බැල්මකින්... 'එන පොට නම් හරියන්නේ නෑ හොබා' කියලා මං හිතුවා...

Tae :"එහෙනම් මං ගියා..."

ටේයා එහෙම කියලා කාමරේට ගියේ ලෑස්ති වෙලා ක්ලබ් යනවා කියන්මයි....

මං එහෙම්මම එතනින් නැගිටලා හෙමින් කාමරේට ගියේ සුගාගේ බැල්මත් එක්ක අද මෙතන හිටියොත් බේරුමක් නෑ කියලා දැනෙද්දී....

කාමරේට ආව මං වොශ් එකක් දාලා කන්න ගියා... ජීනා නම් කාලා ඌගේ කාමරේ අස්සේ....
.
.
.
.
.
.
.
.
.
.

මං පහලට ඇවිත් ආයේ උඩට යන්න හදනවත් එක්කම මං බැලුවේ මේ පූස් තඩියා කෝ කියලා...

ඇයි යකෝ මෙච්චර වෙලා ගියත් තාමත් මූගෙන් සද්දයක් නෑ නේ...

"ආ ආ හිතන්න එපා මාත් මුන් වගේම අරදේම කරන්න ඕනේ වෙලා" කියලා...

මං මගේ යහලුවා හින්දායි හෙව්වේ.... ( බොරු ගෙතුවා ඇති හොබා )

ටිකක් සාලේ වටපිට බැලුවමයි දැක්කේ ආව වෙලාවේ ඉදන් ඒ ඇදුම පිටින්ම මේකා සෝෆා එකේ නිදි කියලා.....

මං හෙමින් හෙමින් ලගට ගියේ මේ පූස් තඩියාව ඇහැරවන්න....

ඒත් හිතන්නේ නැති දේවල් මිනිස්සුන්ට හිතෙන්න පුලුවන් කියලා ඒ වෙලාවෙයි මට තේරුනේ......

ඒ සුදුම සුදු හමත් එක්ක එලිය වෙලා තියෙන ඒ මුහුන.... ඒ ඇස් පියවිලා සංසුන්ව තියෙන විදිහ.... අත් දෙකත් පපුවට බැද හරි අපූරුවට පූසෙක් වගේ ඉන්න විදිහ.... මං මටත් නොදැනීම සුගාගේ සෝෆා එක ගාව දනගහගෙන හිටියා.. ඒ මදිවට මගේ අත් වලින් සුගාගේ ඒ මුහුන හෙමින් අතගහන්න ගත්තා....

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now