ᏟᎻᎪᏢͲᎬᎡ 63

1.9K 275 72
                                    

.
.
.
.
.
.
.
.
.
.
.

ගෙදර හැමෝම කලබලෙන් එහේට දුවනවා මෙහේට දුවනවා, ටේ, නම්ජින් දෙන්නා, හැමෝටම එක එක ඒවා කියනවා 'මෙහේම කරන්න, මේක එපා, හැමදේම ලස්සනට තියන්න' කිය කියා....

ජන්කුක්ට මේ කිසිම දෙයක් තේරුනේ නෑ... අනික මෙච්චර කලබලෙන් මේ අය මොකටද මේ ලෑස්ති වෙන්නේ....?! කියලා ජන්කුක් දැනන් හිටියේත් නෑ......

ඒ වෙලේ බලලාම වගේ යූන්මින්සොක් තුන්දෙනා ගෙදරට ආවාත්, ජිමින් සෝප් දෙන්නාට ඉස්සෙල්ලා ගේ ඇතුලට දුවන් ආවා....

Jimin :"ටේ හයුන්ග්....!!
ටේ හයුන්ග්...!!"

ජිමින් කෑගහන්ම දුවන් එද්දී, ටේ හිටන් හිටියේ එතන සරසන කෙනෙක්ට උපදෙස් දිදීයි, ජන්කුක් නම් පහලට ආව වෙලේ ඉදන්, සාලේ මැද තියෙන සෝෆා එකේ, කකුල් දෙකත් සෝෆා එක උඩට අරගෙන එරමිනිය ඔතන් ඉදගෙන, නියපොතුත් හප හප බලන් හිටියා උනාට වචනයක් ටේගෙන්වත්, දැන් ආපු ජිමින්ගෙන්වත් අහන්න ගියේ නෑ.....

Tae :"අපෝ යකෝ ඔහොමත් කෑගහන්න එනවාද...?!"

Jimin :"අනේ මේ තමුසේ වැඩ නැතිවට හෙන වැඩක් දුන්නා මහන්සී වෙලා හැම තැනම ගිහින් හොයන් ආව එකටවත් පොඩි කෙලෙහිගුණයක් නැති කමනේ මේ...."

ජිමින් කියවන් ගිහින් ටේගේ අතට ගෙනාපු කවරේත් තියලා, ටේට ඔරවන්න ගත්තා.....

Jungkook :"ජිමිනා..."

මෙච්චර වෙලා ඉවසීමෙන් හැමදෙයක් දිහාම බලාගෙන හිටිය ජන්කුක්ට මොකකටද මෙයාලා ලෑස්ති වෙන්නේ කියලා දැනගන්න තියෙන උවමනාවට ජිමින්ට ටිකක් හයියෙන් කතා කලා......

Jimin :"අපෝ උබලා එක්ක මාර වදයක්නේ තියෙන්නේ...
එකෙක් මෙහෙන් ඔලුව කන්න හදනවා තව එකෙක් අරහෙන් අඩගහන් ඉන්නවා...."

ජිමින් ටේට රව රව කියවන් ජන්කුක් ගාවට ගියා..... ජන්කුක් රව රව එන ජිමින්ව බලන් හිනා වෙන්න ගත්තේ, ජිමින් රවද්දී හරිම කියුට් හින්දා....

Jimin :"උබ කතා කරේ මට හිනා වෙන්නද පොල් බූරුවෝ...?!"

ජිමින් ජන්කුක් ඉස්සරහාට ගිහින් හිටගෙන ඉනට අත් දෙකත් තියාගෙන තව තව ජන්කුක්ට ඔරවන්න ගත්තා....

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now