ᏟᎻᎪᏢͲᎬᎡ 54

2.3K 350 130
                                    

.
.
.
.
.
.
.
.
.
.
.
.

Jungkook pov

ඊයේ රෑ මං තනියම ටේගේ කාමරේ නිදාගන්න ගියාත් ඔම්මාගේ පෙරැත්ත කිරීම හින්දා ඔම්මායි අප්පායි එක්ක නිදාගන්න ආවා.....

වෙනදාට රෝසමලගේ තුරුලේ නිදාගන්න මං අද ඔම්මාගේ තුරුලේ නිදාගනිද්දී නම් කිසිම වෙනසක් මට දැනුනේ නෑ.. ටේගෙන් එතරම් ආදරණීය උණුහුමක් මට දැනෙන්න ඇත්තේ කිම් ඔම්මාගේ ලඟ තියෙන උණුහුමම.අඩු නොකියාම ටේ ගාව තියෙන හින්දා වෙන්න ඇති.....

මට හිතාගන්න පුලුවන් උනා මගේ ටේගේ උනුහුමට මං මේ තරම් ලෝභකම් කියන්නේ ඇයි කියලා.. එයාගේ ලග ඔම්මෙක්ගේ උණුහුම නොඅඩුව තියෙනවා අද කිම් ඔම්මාගේ උනුහුම වගේම....

රෝසමල කතා බහෙන් එහෙම කිම් අප්පා උනාට එයාගේ ඇතුලාන්තය කිම් ඔම්මා වගේ...

මං ඊයේ රෑ නම් හොදට කිම් ඔම්මාගේ උනුහුම ඒ තුරුලේ ඉදන් වින්දේ කවදාවත් නොවිදපු ඔම්මා කෙනෙක්ගේ ආදරේ කිම් ඔම්මාගෙන් විදිමින්....

ඒ තුරුලේ ඉද්දී ටේව හැමවෙලේම මතක් ආවා... රෑ නින්ද ගියේ නැති තරම්.... කිම් ඔම්මා එක්කම මං උදේ ඇහැරිලා පහලට ආවා...

මේඩ් කෙනෙක් අද උදේ breakfast හදන්න යද්දී අද මං ඉන්න හින්දා කිම් ඔම්මා අද breakfast එක හදන්නම් කියලා කිව්වා....

Breakfast එකත් අරගෙන ඉවර පස්සේ මං ලෑස්ති වෙලා පහලට ආවා...

"ඔම්මා යන්නේ නැද්ද අනේ..."

"යන් පුතා ඉන්න චුට්ටක් අප්පා යනකන්...."

මං ඇදන් ආපු වෙලේ ඉදන් ඔම්මාට කරදර කරනවා යන්නේ නැද්ද කිය කියා....

"කොල්ලාට තියෙන හදිස්සිය...
ඉන්න ඉන්න මං යනවා දැන්...
ඒ එක්කම යන්න ඔම්මා එක්ක..."

අප්පා එහෙම කිව්වේ හිනා වෙවී.. මං ඔලුව වනලා සෝෆා එකෙන් ඉදගත්තාම අප්පා ගෙදරින් එලියට ගියේ කිම් ඔම්මාගේ නලලටත් හාදුවක් දෙන ගමන්...

මං ඇස් කොනින් ඒක දැක්කා.. කිම් අප්පායි කිම් ඔම්මායි හරිම ආදරණීයයි.. ඒකට තවත් ඔප්පු කරන්න සාක්ශි ඕන උනේ නෑ....

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now