ᑕᕼᗩᑭTᗴᖇ 21

4.1K 544 138
                                    

.
.
.
.
.
.
.
.
.
.
.

Taehyung pov

මං ජන්කුක්ව මගේ කාමරේට එක්කන් ආවා...

මට ඒ අසරණයාව දකිද්දී දකිද්දී මගේ හිත වාවන්නේ නැතුව ගියේ එයාගේ ඇගේ තියෙන තුවාල දකින දකින වාරයක් පාසා 'මේක වෙන වෙලේ මට එයාව බේරගන්න බැරි උනා' කියලා හිත කෑගහද්දී....

ඔව් ඒක වෙන්න ඉස්සෙල්ලා සුගා මට කිව්වත් මං ටිකක් ඇහැගහගෙන ඉන්න තිබ්බා.....

මගේ නොසැලකිලිමත්කම හින්දා මට මගේ කියුට් බෝයිව බේරගන්න බැරි උනා... ඔක්කොම උනාට පස්සෙයි එතනට ගියේ.....

මට කේන්ති.... උන්ව මරන්න තරම් කේන්ති.. ඒත් ඊට ඉස්සෙල්ලා මං මගේ කියුට් බෝයිව බලාගන්න තියෙනවා එයා වේදනාවෙන් අඩනවා දැන් මට බලන් ඉන්නම බැරි දෙයක්.....

මං එයාව උස්සගෙන ඇවිත් කවුච් එකේ හාන්සි කරවලා බාතෲම් එකට ගියේ බාත් ටබ් එකට උණු වතුර පුරවන්න... උණු වතුරෙන් එයාගේ ඇගට සනීපයක් දැනෙයි.....

විනාඩි ගානකට පස්සේ මං ආයේ කාමරේ ඇතුලට ඇවිත්,

"කියුට් බෝයි කෝ නැගිටින්න......"

"හ්ම්..... රෝ.......ස.... මල..."

මගේ කියුට් බෝයි මගේ අත තදින් අල්ලගෙන එහෙම මිමිනුවා....

'ඔයා එච්චර ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ට ආදරෙයිද...!? ඒත් ඇයි මං ඉස්සරහදි විතරක් ඔය 'රෝසමල' කියන නම හැමවෙලේම කියන්නේ.... මට රිද්දන්නද මැණික එහෙම කරන්නේ.....!? ඇයි ඇයි මට ඔයාව ඉස්සෙල්ලාම හම්බුනේ නැත්තේ...!? ඇයි මැනික මට ඉස්සර ආදරේ කරලත් මට කිව්වේ නැත්තේ.... දැන් මොකටද වෙන කෙනෙක්ට ආදරේ කරන්නේ.... ඇයි මැනික මං ඔයාගේ ඇගෙන් සතුටු උන හින්දාද... අනේ මට ආදරේ කරන්න මැනික... මට ඕනේ ඔයාගේ ආදරේ ඒත් මං පරක්කු වැඩී නේ මැනික... මට තේරෙනවා...... මට තේරෙනවා... මං පරක්කුයි හුගාක්........'

මං එයාගේ දිහා බලන් දිග හුස්මක් පිට කරලා,

"නැගිටින්න කියුට් බෝයි මෙහෙම නිදාගන්න බෑ නේ..."

මං එයාගේ උරහිස් වලින් අල්ලලා ඇහැරන ගමන් කිව්වා.....

"හ්ම්......"

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now