ᏟᎻᎪᏢͲᎬᎡ 59

2K 326 301
                                    

.
.
.
.
.
.
.
.
.
.
.
.
.

යුනි එකෙන් එලියට ආව හොබී අඩ අඩම වේගෙන් කාර් එක ඩ්‍රයිව් කරගෙන ගියේ කායිලාගේ දිහාට... එයාට ඕන උනේ මේ දේවල් අමතක කරන්න...

ඒත්,

මේ දේවල් එයාට විටින් විට මතක් ආවා.. වැඩිපුරම අද උන සිද්ධිය...?! හොබීට ඕනේ උනේ නෑ සුගා හොබී අතර මොනම ප්‍රශ්නයක් තිබ්බාත් ඒවා යුනි එකේ හැමෝම දැනගන්නවාට...
මොකද යුනි එකේ swag rudders ලා අතරම මෙහෙම ප්‍රශ්න නම් තව තවත් එයාලාට ප්‍රශ්න විතරමයි එන්නේ කියලා හොබී දැනන් හිටියා......

අද උන සිද්ධියෙන් හොබී හිතපු දේවල් ඒ විදිහටම සිද්ධ වෙන්න පොඩිම පොඩි වෙලාවයි ගත උනේ.. එයාලා දෙන්නාගේ ප්‍රශ්න හින්දා කොහොමටත් ජිමින් දුක් වෙනවා ඇතියි කියලා හොබී හිතුවා....

අනික අද 'කොහේ හරි පලයන් එක්කෝ මැරියන්..' කියලා සුගා කිව්ව වචනේ හොබීගේ කන් අතරම දෝංකාර දුන්නා.. ඒ වචන හොබීව තවත් ඇඩෙව්වා.. කාර් එකේ වේගේ වැඩි කරගෙන එයා පුලුවන් ඉක්මනට කායිලාගේ ඒ ලොකු බිල්ඩින්ග් එකට ගියා.....
.
.
.

Hobi pov

කායි, මින්හෝ, කන්ග් ඉන්න ලොකු බිල්ඩින්ග් එක ඉස්සරහා කාර් එක නැවත්තුව මං, ඒ බිල්ඩින්ග් එක දිහා බලුවේ යමුද එපාද කියලා....

මොකද දැන් ගියොත් ප්‍රශ්න හුගාක් අහන්න ගනී, ඒවා කාට හරි කියලා හිත නිදහස් කරගන්න ඕන උනාත්, මං 'කොහොමද මගේ සුගාගේ වැරදී කියන්න හිත හදාගන්නේ....?!' කියන ප්‍රශ්නේ හිතේ දිව්වා මගේ...

ටික වෙලාවක් සීට් එකට ඔලුව බර කරගත්තු මං හොද හුස්මක් ඉහලට ඇදලා පහත හෙලුවා...

නමුත් ඒ හුස්මේ පවා මගේ දුක ලියවිලා තිබ්බ හින්දාදෝ මගේ ඇස් තෙමීගෙන ආයෙත් කම්මුල දිගේ කදුළු රූටලා වැටුනා...

නෑ මට නවත්තන්න ඕනේ...!! මේ අඩන එන නවත්තන්න ඕනේ...! දුක් වෙන එක නවත්තන්න ඕනේ...! සුගාව අමත--- නෑ නෑ සුගාව අමතක කරන්න බෑ මට... කොහෙත්ම කරන්න බැරි දෙයක්........

"ආආආහ්හ්හ්හ්හ්හ්හ්
මටම ඇයි මෙහෙම වෙන්න ඕනේ....!!!!"

මං කාර් එක ඇතුලේ ඉදලාම steering wheel එකට අතින් ගගහා කෑගැහුවා.....
වේදනාවෙන් ඉන්න මාව දැන් හොයලා බලන්නවත්, සනසන්නවත් ඇයි කෙනෙක් මගේ ලඟ නැත්තේ...?!

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now