ᏟᎻᎪᏢͲᎬᎡ 40

3.1K 445 200
                                    

.
.
.
.
.
.
.
.
.
.

Jungkook pov

Lec hall එකට ආවත් අද lecturer ඇවිත් නෑ.... ඒ හින්දා මං ආයේ පිටිපස්සේ හැරිලා මගේ ටේ ගාවට යන්න හදද්දීම කෙනෙක් මගේ පිටිපස්සෙන් ඇවිත් මගේ ඇගේ හැප්පෙන්න ගියත් ඒ කෙනා,

"සමාවෙන්න.." කියලා.. ඔලුවත් පහත් කරන් lec hall එකට යන්න ගියාම මං,

"නවතින්න...." එහෙම කිව්වාම ඒ කෙනා නැවතිලා මගේ මුහුන බැලුවේ කලකිරීමකින් වගේ....

"මොකද යොන්ජුන්...
මාව අදුරන්නේ නෑ වගේ යන්නේ.....?!"

"මෙහෙම ඉන්න එක අපි දෙන්නාටම හොදයි කුක්..."

යොන්ජුන් මගේ මුහුනවත් නොබලා කියලා lec hall එක ඇතුලට ගිහින් පිටිපස්සේම පේලියේ අන්තිමට වගේ ඉදගත්තේ මං බලාගෙන ඉද්දීමයි.....

ඇත්තම එයා ඔහොම කියන එක සාධාරණයි... ඊයේ ටේ මාව එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් විදිහට හැමෝටම හදුන්වලා දුන්නායින් පස්සේ ඉතිං හැම කෙනාම දැනගන්නත් ඇති මේ ගැන...

යොන්ජුන් දුක් වෙනවාද.....?!
මං රැවට්ටුවා කියලාවත් හිතනවාද....?!

"යොන්ජුන්....!"

මං ආව එකවත් ගනන් නොගෙන ඉන්න යොන්ජුන්ගේ එහා පැත්තෙන් ඉදගෙන මං කතා කලා....

"කුක් ම්---"

"යොන්ජුන් මං කියනදේ අහන්නකෝ..
මං දන්නවා ඔයා ඇත්තේ මා එක්ක කේන්තියෙන් කියන එක...
හ්ම් අපි දෙන්නා මේක හැංගුවෙත් ඔයා හින්දාමයි...
ඔයා දුක් වෙයි කියලා මායි ටේට කියන්න එපා කිව්වේ...
ඒත් මෙහෙම මා එක්ක ඔයා කතා නොකර යන්නේ ඇයි...
මේ-----"

"මෙතන මොනාද කරන්නේ කුක්...?!"

මං යොන්ජුන්ගේ එහා පැත්තේ ඉදන් යොන්ජුන්ගේ අත අල්ලගෙන කතා කරන්න ගත්තත්, කතා කරන එකේ මැද්දට පැනපු ජිමිනී ටිකක් සැරෙන් ඇහුවා...

"මොකුත් අහන්න ඕනේ නෑ වරෙන් යන්න..."

මං කතා කරන්න කට අරිද්දීම ජිමිනී මගේ අතින් අල්ලගෙන ඇදන් යන්න බැලුවා....

"ජිමිනා...
ඉන්න ටිකක්---"

"ඇයි මූ උබට කරපුවා මදිද...
ආයේ ආයේ ඔය පස්සෙන් යන්නේ...?!"

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now