ᏟᎻᎪᏢͲᎬᎡ 58

2K 329 94
                                    

.
.
.
.
.
.
.
.
.
.

රෑත් වෙලා නම්ජුන් තවමත් ගෙදර ඇවිත් නැතිකොට ජින් ෆෝන් එක ගත්තේ නම්ජුන්ට කෝල් කරන්න...

Namjoon :"හෙලෝ...!"

Jin :"හෙලෝ හෙලෝ තමයි ප්‍රොෆසර් නම්ජූන්...
ඔයාට ගෙදර එන්න බැරිද වෙලාවට මං අහන්නේ...?!
වෙලාව රෑ 11ත් පහු වෙලා..."

Namjoon :"අයියෝ ජීනී අමතක උ---"

Jin :"වෙන මොකුත් අමතක වෙන්නේ නෑ ගෙදර එන්න අමතක වෙනවා එහෙම නේද...?!
තව පැය භාගයක් ඇතුලට ගෙදර ආවේ නැත්තම් මං එනවා හොයාගෙන...."

ජින් කියව කියව ගිහින් නම්ජුන්ට කතා කරන්නවත් නොදී ෆෝන් එක තිබ්බා....

නම්ජුන් හිටියේ එනගමන්, කාර් එකේ... ජින් කිව්ව දේවල් වලට හිනා වෙවී ෆෝන් එක දිහා බලන් ඉදලා ෆෝන් එකත් පැත්තකින් තියලා ඩ්‍රයිව් කරන්න ගත්තේ පැය බාගයක් ඇතුලත ගෙදර යන්න හිතන්........
.
.
.
.
.
.

@ taekook room

ජන්කුක් ආව වෙලේ ඉදන් කලේ, කවුච් එක ගාව බිම ඉදගෙන ඒ ඉස්සරහා මේසේ කොල වටේටම තියාගෙන යුනි එකේ assignment එකක් ලියන එක විතරයි..

මොකද අනිද්දා උදේට එයාට orphanage එකට යන්න තිබ්බා.. ඒ හින්දා වැඩ හෙටට කල් නොදා දැම්මම කරන එක හොදයි කියලා හිතලා කරන්න ගත්තා....

ටේ වොශ් එකක් දාලා ඇවිත් බාත් රබ් එක පිටින්ම ඇදට වෙලා හිටියේ ජන්කුක් වැඩ ඉවර කරනකන් උනත් දැන් පැයකටත් ආසන්න වෙලා ඒත් ජන්කුක්ගේ වැඩ නම් ඉවරයක් උනේ නෑ....

Tae :"මොකක්ද අනේ ආව වෙලේ ඉදන් කරන්නේ...?!
චුට්ටක් මෙහේට එන්නකෝ..."

Jungkook :"බෑ බෑ මේ වැඩ ටික කරන්න ඕනේ..."

ජන්කුක් ඔලුව උස්සලා ටේ දිහාවත් නොබලා කියද්දී,

Tae :"හෙට කරන්නකෝ..."

Jungkook :"අනිද්දා යන්න තියෙනවා or---
නෑ මේ හෙට වෙලාවක් නෑ රෝසමල..."

ජන්කුක්ගේ කටින් පනින්න ගිය දේ ඉක්මනට ගිලගත්ත ජන්කුක් ඔලුව උස්සලා ටේ දිහා බලලා කිව්වාම, ටේ ඇස් හීනී කරලා ජන්කුක් දිහා බලලා,

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now