ᏟᎻᎪᏢͲᎬᎡ 48

2.1K 341 47
                                    

.
.
.
.
.
.
.
.
.
.
.

Jungkook pov

ටේ මාව එයාගේ උකුලේම තියන් තදින් මාව බදාගෙන ඉද්දී මට කිසිසේත් ඒ තුරුලෙන් අයින් වෙන්න ඕනේ කියලා හිතුන් නෑ....

හැමදාමත් එයාගාව එයාගේම තුරුලට වෙලා ඉන්න තියෙනවා නම් විතරක් මට හොදටම ඇති කියලා මට හිතුන හින්දා මගේ අත් දෙක ගුලි කරලා පපුවට තුරුල් කරන් ඇඟත් එක්කම රෝසමලගේ පපුවට තුරුළු උනා.....

"බ්- බබා යන්නේ නැද්ද අපි..."

එයා ඇහුවේ එයාගේ කටහඬ බාල කරලා මගේ ඔලුවත් එයාගේ අත්වලින් අතගහන් තදින් මාව එයාගේ පපුවට තුරුල් කරගෙනමයි.....

මං 'බෑ..' කියලා ඔලුව වැනුවේ එයාගෙන් ඈත් වෙන්න තිබ්බ ලෝභ කමට වගේම අද දවස ඇතුලත මට මගේ හිත මට කියන්න ගත්තා මට මොකක්ම හරි කරදරයක් වෙවීදෝ කියලා.....

Performance එකට කලින් උනත් මගේ නොසන්සුන්කම වැඩිය තිබ්බේ යුනි එකේ ලමයි මං performance කරද්දී මොනම හරි දෙයක් මට විරුද්දව කරයි කියලා බයට...

නමුත් එහෙම දෙයක් නොව්නේ මගේ රෝසමල මාගේ ආරක්ශකයා වගේ stage එක ඉස්සරහාම ඉදගෙන මගේ දිහාට විතරක් අවධානය දුන්න එකෙන් මගේ අවධානයත් එයා ගාවම විතරක් තියෙද්දි වට පිටේ වෙන කිසිම දෙයක් මට දැනුන් නෑ......

දැන් මං රෝසමලගේ ටීශර්ට් එක පපුව ලගින් තද කරන් අල්ලගෙන එයාගේ පපුවේ ඔලුව තියාගෙනම හිටියා.....

"මැණික ඔම්මාලාත් යන්න ඕනේ නේ....
අපි දෙන්නාම තාමත් මෙතන එයාලා හොයනවාදත් දන්නේ නෑ...."

ඔව් අපි දෙන්නා දැන් මෙතනට ඇවිත් පැයකටත් වැඩී... අනික මේ අඳුරු තැනේ අපි දෙන්නා මොන විදිහකට හිටියත් හොයන කෙනෙක්ට නම් අපි දෙන්නාව පේන්නේම නෑ...

"ම්හ්~ ඒත් මට ඉන්න ඕනේ මෙහෙම...."

මං ඒක කිව්වා නෙමෙයි කියවුනා කිව්වොත් හරි... තාමත් මගේ හිත මට මොකක්ම හරි කරදරයක් වෙන්න යනවා කියලා අනතුරු අඟවනවා වගේ දැනෙනවා......

"ඔයා කියයි අපි දෙන්නා මෙහෙමම ඉන්න බෑ නේ ගෙදරත් යන්න ඕනේ....
රෑ 12ත් පහු වෙලා..."

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now